×

පැරිස් හිල්ටන්ගේ අවුරුදු 19ක යටගියාව!

සටහන – නිපුනි ලියනගේ ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1981 පෙබරවාරි 17 උපත ලද පැරිස් විට්නි හිල්ටන් ව්‍යාපාරික කාන්තාවක්, සමාජවාදිනියක්, නිරූපිකාවක්, රංඟනශිල්පිනියක්, ගායිකාවක් ආදී දක්ෂතාවෙන් පිරිපුන් ඕල්රවුඩර් කෙනෙකි. නිව් යෝර්ක් නගරයේ ඉපිද එහි සහ ලොස් ඇන්ජලීස් හි හැදී වැඩුණු ඇය Hilton Hotels හි නිර්මාතෘ Conrad Hilton ගේ මී මිණිබිරියකි. 1990 දශකයේ අග භාගයේදී කරළියට ආ […]


සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1981 පෙබරවාරි 17 උපත ලද පැරිස් විට්නි හිල්ටන් ව්‍යාපාරික කාන්තාවක්, සමාජවාදිනියක්, නිරූපිකාවක්, රංඟනශිල්පිනියක්, ගායිකාවක් ආදී දක්ෂතාවෙන් පිරිපුන් ඕල්රවුඩර් කෙනෙකි.

නිව් යෝර්ක් නගරයේ ඉපිද එහි සහ ලොස් ඇන්ජලීස් හි හැදී වැඩුණු ඇය Hilton Hotels හි නිර්මාතෘ Conrad Hilton ගේ මී මිණිබිරියකි. 1990 දශකයේ අග භාගයේදී කරළියට ආ ඇය, වයස අවුරුදු 19 දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතායතනය වන ට්‍රම්ප් මොඩල් මැනේජ්මන්ට් සමඟ අත්සන් කරමින් නිරූපිකාවක් බවට පත් වූවාය.

රියැලිටි රූපවාහිනී කතා මාලාවක් වන ද සිම්පල් ලයිෆ් (2003-2007), හි ඇය ඇගේ මිතුරිය වන නිකොල් රිචී සමඟ එක්ව රඟපෑ අතර, 2003 දී ඇගේ එවකට පෙම්වතා වූ රික් සලෝමන් සමඟ කාන්දු වූ ලිංගික වීඩියෝ පටියක්, පසුව පැරිසියේ 1 නයිට් (2004) ලෙස නිකුත් කරන ලද අතර, ඇය පසුව ලෝකප්‍රසිද්ධ තරුවක් විය.

ඇයගේ පෞද්ගලික ජීවිතය ගතහොත් ඇයගේ ජීවන රටාව, ඇයගේ පුළුල් මිත්‍රත්ව සබඳතා සහ වෙනත් ඉහළ පෙළේ පුද්ගලයින් සමඟ ඇති ප්‍රේම සම්බන්ධකම්, අධික සාද පැවැත්වීම සහ නුසුදුසු හැසිරීම් පිළිබඳ වාර්තා වූ අවස්ථා අප්‍රමාණය.

පැරිස් හිල්ටන් ලෝකයේ වඩාත්ම සාර්ථක කාන්තාවක් ලෙස හැඳින්වූ නමුත් ඇගේ “පරිපූර්ණ ජීවිතය” පිටුපස, ඇය ඇගේ පෙම්වතුන්ගෙන්, මාධ්‍යයෙන් සහ ඇගේ පවුලෙන් පවා ඉතා කටුක ජිවිතයක් ගත කළාය.

පැරිස් හිල්ටන්ට නික් කාර්ටර් මුණගැසුණු කාල වකවානුවේ, ඇයව නිවැරදි මාවතට යොමු කළේ නික් විය හැකි බව පෙනෙන්නට තිබුණත්, එහි ඇතුළාන්තය ඊට වෙනස් විය හැක.

වසර 19 කට පසු, පැරිස් විසින් අවසානයේ නික් කාටර් සහ ඇය සියලු දෙනාගෙන් සඟවා ගත් අපයෝජනය ගැන විවෘතව කතා කරයි.

හිල්ටන් සහ කාර්ටර් අතර පෙම් පලහිලව්ව නතර වී දින කිහිපයකට පසුව පැපරාසි ඡායාරූපවල ඇගේ ශරීරයේ තිබී තුවාල කැළැල් ද දක්නට ලැබිණි. නමුත් මේ පිලිබඳව හිල්ටන් විවෘතව කතාකිරීමට පැකිලී තිබේ. මෙම කැළැල් පිටුපස සිටින්නේ නික් කාර්ටර් බව නිර්නාමික මූලාශ්‍රයක සඳහන් වි තිබිණි. නමුත් මේ චෝදනා එවකට නික් කාර්ටර් තරයේ ප්‍රතික්ෂේප කළේය.

“මම ඔබට එක දෙයක් කියන්නම්: මම ඇයව ඇල්ලුවේවත් නැහැ,”

“මම එවැනි පුද්ගලයෙක් නොවේ. මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. ”

ඔහු 2004 අගෝස්තු මාසයේදී People සඟරාවට පැවසීය.

හිල්ටන් කාටර්ට එරෙහිව චෝදනා නොකළ අතර ඇය හොඳින් සිටින බව ඇය සැම විටම පවසා ඇඟේ ඇතුළාන්තයේ වේදනාව සඟවාගෙන සිටියා විය හැක.

ඇයට එල්ලවුණු තාඩන පීඩන හිරිහැරකම් හමුවේ ඇය තමා කට වසාගෙන සිටි සමය මේ වනවිට අවසන් කර තිබේ. ඇය දැන් ඇය වෙනුවෙන් හඬ නගන කාලය එළඹ තිබේ.

ඇය කෙරෙහි පවතින විශ්වාස භංගත්වය, සමාජ ගැරහිලි, ආදරයේ වියෝව වැනි සියලුම දේ පසෙකින් තබා විවෘතව කතාකරන මනසකින් දැන් කටයුතු කරයි.

එහි දී අතීතයේ අඳුරු මතකයන් මෙන්ම පවතින කලකිරීම ද ඇගේ කතාව තුළින් මනා පැහැදිලිය. නික් කාර්ටර් පමණක් නොව ඇගේ ජීවිතයේ සිටි පෙම්වතුන්, පවුලේ අයවලුන්, සමාජයෙන් ලැබුණු කෙනෙහිලිකම් පිළිබඳව පවතින හිත් බිඳීම් ද ඇය නොපැකළී කියා සිටියාය.

ෆිල්ටර්ස් දමා ෆොටෝ ගැසීම්, වීඩියෝ පට නිර්මාණය කිරීම් වැනි නව යොවුන් වියේ පසුවන්නන් ආශා කරන දෑ ඇය කර ඇත්තේ ද ජනප්‍රියත්වයට ඇති ආසාවට ය. මේ සියල්ල මේ පීඩනයන් පසෙක ලා ඇය වර්තමානයේදී සතුටුදායී පවුල් ජීවිතයක් ගත කරමින් සිටී.

පැරිස් හිල්ටන්ගේ යටගියාව ඉතා කටුක වුවත් ඇය මෙලෙස විවෘතව කතා කිරීම අගය කළ යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි