ශ්‍රී ලංකාවේ ‘පාර්ලිමන්ට් ජෝක්ස්‘ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළ හැටි
නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැසිරුණු අශෝභන විලාසය, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් එක් කළේ සුළු පටු කළු පැල්ලමක් නොවේ.
ජාත්‍යන්තර ජනමාධ්‍ය ගණනාවක්ම ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයන්ගේ අවලස්සන හැසිරීම, ඔවුන් යකා නැටූ හැටි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ‘‘මොකරියක්‘ හෙවත් නාඩගමක් බවට පත් කර ගත් හැටි වාර්තා කර තිබුණේ ඡායාරූප පමණක් නොව වීඩියෝ ද යොදා ගනිමිනි.
පහත දැක්වෙන්නේ, ජාත්‍යන්තර ජන මාධ්‍ය විසින් ලංකාවේ ‘පාර්ලිමන්ට් ජෝක්ස්‘ වාර්තා කර තිබූ ආකාරය සහ ඒවාට ශීර්ෂපාඨ යොදා තිබූ ආකාරයයි.
මින් ඉදිරියට යමෙකු Sri Lanka Parliament යැයි ගූගල් කළහොත්, එම සෙවුමෙහි ඉහළින්ම දිස්වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ මේ ජවනිකාවන් ය.