×

ඉරානය ඇමරිකානුවන්ට පහර දෙන්නේ නෑලු, මයික් පෙන්ස් ගෙන් අමුතුම ප්‍රකාශයක්!

මයික් පෙන්ස් මෙම අදහස් පළ කළේ සීබීඑස් නාලිකාවේ පුවත් සේවයට සම්මුඛ සාකච්ඡවක් ලබා දෙමිනි.


ඉරානය හා එක්සත් ජනපදය අතර හට ගෙන තිබෙන උණුසුම්කාරී වාතාවරණය දැන් සන්නද්ධ අරගලයක් දක්වා තීව්‍ර වී තිබේ.

එය ආරම්භ වූයේ ඉරාන කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළ බැවිනි.

ඒ අනුව ඉරානය අවස්ථා කිහිපයකදී ම ඇමරිකාව ඉලක්ක කොට ගත් ප්‍රහාර විවිධ ස්ථාන වලදී දියත් කිරීම ආරම්භ කරන ලදී.

කෙසේවෙතත් ඇමරිකානු උප ජනපති මයික් පෙන්ස් මේ පිළිබඳ අමුතුම ප්‍රකාශයක් දැන් සිදු කොට තිබේ.

ඔහුට අනුව ඉරානය සිය සන්නද්ධ කණ්ඩායම් වලට ඇමරිකානු ඉලක්ක යොදා ගනිමින් ප්‍රහාර දියත් නොකිරීමට උපදෙස් දී තිබේ.

ඊයේ (08) දින ප්‍රකාශයක් නිකුත් කරමින් මයික් පෙන්ස් පවසා සිටියේ ඔවුනට ලැබී තිබෙන බුද්ධි තොරතුරු අනුව ඉරානය සිය සන්නද්ධ කණ්ඩායම් වලට ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර දියත් නොකරන ලෙස පණිවුඩ යවා තිබේ.

ඒ අනුව ඉරානය ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කර නොගනු ඇති බව එකී බුද්ධි තොරතුරු වල සඳහන් වූ බව ඔහු පවසයි.

මෙම බුද්ධි තොරතුරු පිළිබඳ විශ්වාසය තැබිය හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මයික් පෙන්ස් මෙම අදහස් පළ කළේ සීබීඑස් නාලිකාවේ පුවත් සේවයට සම්මුඛ සාකච්ඡවක් ලබා දෙමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි