මෙයට ආසන්නතම හේතුව බවට පත් වී තිබුණේ, පිට්ස්බර්ග් යුදෙව් දම්සලේ සංහාරය සිදුවී පැය කිහිපයකට පසුව ෆැරල් විලියම්ස්ගේ අති ජනප්‍රිය ‘‘Happy“ ගීතය ඉන්ඩියානා ජනපදයේ පැවති ට්‍රම්ප්ගේ දේශපාලන රැළියකදී වාදනය කිරීමයි.
ෆැරල් විලියම්ස් ඇමරිකාවේ සුප්‍රකටම R&B ගායකයෙකි. කළු ජාතිකයෙක් වන ඔ හු, ට්‍රම්ප්ගේ අන්ත දක්ෂිණාංශික සහ සුදු ජාතිවාදී අදහස් දැඩි සේ ප්‍රතික්ෂේප කරයි. ඔහු මෙම තහනම ඇතුළත් නිවේදනය ට්‍රම්ප් වෙත යවා තිබෙන්නේ සිය නීතීඥවරයා මාර්ගයෙන් විධිමත් ලෙස ය.
‘‘ව්‍යාකූල ‘ජාතිවාදියෙකු‘ විසින් මනුෂ්‍යයන් 11 දෙනෙකු සමූල ඝාතනය කළ දිනයේ ඔබ ඔහුගේ Happy ගීතය ඉන්ඩියානා හි දේශපාලන රැස්වීමක පිරිසක් හමුවේ වාදනය කළේය… සෙනසුරාදා අපේ රටට සිදුවූ ඛේදවාචකය හමුවේ අපට සතුටු වීමට (Happy) කිසිවක් නැති අතර, මේ රැස්වීම සඳහා ඔහුගේ ගීතයක් යොදාගැනීමට ඔබට කිසිදු අවසරයක් ද ලබාදී තිබුණේ නැත.“ යැයි එහි සඳහන් වේ.
පිට්ස්බර්ග් වෙඩි තැබීම | Bergen Record
ට්‍රම්ප්, යුදෙව් දම් සලේ සිදුවූ මෙම වෙඩි තැබීම පිළිබඳ ආරංචි වූ විගස සැහැල්ලුවෙන් ‘විහිළු කතා‘ කියා තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ඉන්ඩියානා රැළියේදී ට්‍රම්ප් මෙම සිදුවීම හෙළා දකිමින් ද යම් ප්‍රකාශ කළ නමුත් ෆැරල් විලියම්ස්, එම සිදුවීමෙන් පසුව තමන්ගේ ගීතය ට්‍රම්ප් වාදීන් පිනවීම සඳහා යොදාගෙන තිබීම සම්බන්ධයෙන් දැඩි සේ උරණ වී ඇති බව පෙනේ.
මේ වන විට ස්ටීවන් ටයිලර්, අඩේල්, නීල් යන්ග්, ද රෝලිං ස්ටෝන් සහ ක්වීන් යන ගායකයන් සහ සංගීත කණ්ඩායම් ද තමන්ගේ ගීත ‘ට්‍රම්ප්ගේ වැඩ‘ සඳහා යොදා නොගන්නා ලෙස දැනුම් දී තිබේ. 2015 වසරේ ජනාධිපතිවරණ රැළි පැවති සමයේ REM ගායක මයිකල් ස්ටීප් පැවසුවේ මෙසේ ය. ‘‘අපේ සංගීතය හෝ මගේ කටහඬ ඔබේ මුද්ධ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා යොදා නොගන්න!“
ට්‍රම්ප් විසින් දුක්බර දිනයක ජනතාව සතුටු කිරීම සඳහා අනවසරයෙන් වාදනය කළ විලියම්ස්ගේ ‘හැපි‘ ගීතය…
[embedyt] https://www.youtube.com/watch?v=ZbZSe6N_BXs[/embedyt]