×

හිතුවක්කාර නියගයේ …දුක්බර පැහැය…අහසේ සිට

මේ ඡායාරූප වලින් කියැවෙන්නේ අන් කවදරදාකවත් නැති තරම් නියඟය නිසා පීඩා විඳින නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ අද තත්ත්වයයි


අන් කවරදාකවත් නැති තරම් ලෝකයේ රටවල් බොහෝමයක් මේ වන විට දරුණූ උණුසුම් කාලගුණය නිසා දැඩි ලෙස පීඩා විදිමින් සිටිති. ඒ නිසාම ඇති වූ ලැවු ගිනි නිසා ලෝකය පුරා බොහෝ දෙනෙක් නියඟයෙන් පීඩා විඳින ලද අතර තවත් බෙහෝමයක් දෙනාට ගම් දොර අහිමි විය. වියළී ගිය ගස් කොළන් නිසා වනාන්තරද ගස් කොළන් ද අහිමි විය.

ආත්මාර්ථකාමී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම වැඩි වීමත් දේශ ගුණික විපර්යාසය නිසා මින් ඉදිරියට මීටත් වඩා දරුණු උණ්සුමකින් ලෝකයට පීඩා විදින්නට සිදු වනු ඇත.

මේ ඡායාරූප වලින් කියැවෙන්නේ අන් කවදරදාකවත් නැති තරම් නියඟය නිසා පීඩා විඳින නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ අද තත්ත්වයයි. ජලය හිඟවීමෙන් වගාවන් සහ සත්ත්වපාලන කටයුතු අඩාලවීමෙන් ඉමහත් අපහසුතාවට පත්ව සිටින නැගෙනහිර ඔස්ට්‍රේලියානු වැසියන් මෙන්ම සතුන්ද ගැන මේ ඡායාරූප බෙහෝ කරුණු ගෙන හැර පායි.

රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පී ඩේවිඩ් ග්‍රේ ” වියළි පොළොව අහසේ සිට” සංකල්පය යටතේ ඉහළ අසසේ සිට ලබා ගත් ඡායාරූප කිහිපයකි මේ.

2010 වසරේ සිට වැසි නොලැබුණ නිවු සවුත්වේල්සි හී ගොවි පළක සියල්ල වියලීගිය පසු ඉතිරි වූ එක් ගසකි මේ.

ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට නියගයේ පීඩාව දැනෙන අයුරු මින් කැයැවේ. වියළි ගිය තණ බිමි නිසා සිය ගොවි පළ තුළ සිටින සතුන්ට ආහාර මිලදී ගන්නට සත්ව ගොවියන්ට සිදුව ඇත‍.


ගවයෙකු ටම්වර්ත් හී වතුර ටැංකියකින් වතුර බීමට විත් යන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. කුඩා තෘණ ගසක් හෝ නොමැති කර්කශ පෙළොවේ ඔවුන්ගේ වගා බිම් කෙතරම් වියලී ගොසින්ද?

වියළී ගිය වේල්ලක් මෙම ඡායාරූපයේ වෙයි. මින් පෙර ජලය පිරීතිබුණ මෙම භූමියේ සමහර තැන් වල තැනින් තැන ඇති කොළ පැහැය කියන්නේ ඒ ගැනය.

මේ දැක්වෙන්නේ වගා බිමකින් එළ පහළියේ බැටළුවන් ධාන්‍ය ආහාරයට ගන්නා ආකාරයයි. ඔවුන්ට මෙම ආහාර ලැබී ඇත්තේ රජය විසින් දියත් කර ඇති සහනාධාර වැඩ පිළිවලක් නිසාවෙනි.

පාළු වී ගිය තවත් වගා බිමක්. මෙය මින් පෙර පැවතියේ හරිත භූමියකි .. නමුත් දැන්?

වියළී සිඳී ගිය ළිඳක් .. පාළුවට ගෝස් ඇති අයුරු

ඡායාරූප

https://www.bbc.com/news/world-australia-45043299



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි