×

පෝලන්තයත් යුරෝපා සංගමය හැර යන ලකුණු!

එළඹෙන බ්‍රහස්පතින්දා දින මේ පිළිබඳ විවාදයට ගැනෙනු ඇත..


පෝලන්තයට සිය අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා මාලාව හමුවේ යුරෝපා සංගමය හැර යාමේ අවදානමක් මතුව තිබේ. එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ බව පෙන්වා දී තිබේ.

මෙකී ප්‍රතිසංස්කරණ හමුවේ යුරෝපා සංගමය එරට අධිකරණ පද්ධතිය පිළිබඳ ප්‍රශ්න කිරීමට ලක් කිරීමේ අවදානමක් ඇති බවට පෙන්වා දෙන පෝලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරන්නේ එසේ වුවහොත් විනිසුරුවරුන් හට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවයි.

පෝලන්තයේ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාවන් තුළින් යුරෝපා සංගමයේ ප්‍රමුඛතාවන් අභියෝගයට ලක්වන බවත් අධිකරණය හෑල්ලුවට ලක්වීමේ අවදානමක් පවතින බවටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරු අඟවයි.

මේ වන විටත් විනිසුරුවරුන් සඳහා පවතින නීතීන් සම්බන්ධයෙන් පෝලන්තයට යුරෝපා අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුව තිබේ. පෝලන්තයේ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාවන්ට අනුව දේශපාලන කටයුතු වලට සම්බන්ධ වන විනිසුරුවරුන්ට දඬුවම් පැමිණවිය හැකි වේ.

මෙකී ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ පෝලන්තයේ පාලක පක්ෂය විසිනි.

පෝලන්තයේ අධිකරණ පද්ධතියට අනුව, ජාතික කවුන්සිලය විසින් යෝජනා කරන ලද අධිකරණ විනිසුරුවරුන්ගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කරන ඕනෑම විනිසුරුවරයකු හට දඩයක් පැමිණවීම හෝ සේවයෙන් පහ කිරීම සිදුකළ හැකිය. මේ පිළිබඳ ප්‍රශ්ණ කරමින් පසුගිය කාල වකවානුවේ පෝලන්ත වැසියන් වීදි බැස විරෝධතාවේ නිරත වූ අයුරු ද වාර්තා වී තිබිණි.

පෝලන්ත නීති සම්පාදකයින් විසින් ඉහත කී අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව එළඹෙන බ්‍රහස්පතින්දා දින විවාදයට ගනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි