×

පෝලන්තයේ නව රජය රාජ්‍ය රූපවාහිනී, ගුවන්විදුලිය සහ ප්‍රවෘත්ති ප්‍රධානීන් නෙරපා හරියි

මහජන මාධ්‍යවල අපක්‍ෂපාතීත්වය සහ විශ්වසනීයත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කටයුතු කරන බවට අගමැති ඩොනල්ඩ් ටස්ක්ගේ නායකත්වයෙන් යුත් නව පාලක සභාගය නිවේදනය කර තිබේ.


පෝලන්තයේ පසුගිය වසර 8ක කාලය තුළ බලයේ සිටි දක්ෂිණාංශික ජනතාවාදී නීතිය සහ යුක්තිය පක්ෂයේ (PiS) හොරණෑවන් ලෙස පුලුල් ලෙස සලකනු ලැබූ රාජ්‍ය මාධ්‍ය ආයතන වන රාජ්‍ය රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ප්‍රවෘත්ති ආයතනවල විධායකයින් නෙරපා මහජන මාධ්‍යවල අපක්‍ෂපාතීත්වය සහ විශ්වසනීයත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කටයුතු කරන බවට අගමැති ඩොනල්ඩ් ටස්ක්ගේ නායකත්වයෙන් යුත් නව පාලක සභාගය නිවේදනය කර තිබේ.

මහජන රූපවාහිනිය යළි පිහිටුවීමේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ප්‍රතිඥාව ඉටු කිරීමට ප්‍රතිඥා දී තිබු අතර දේශසීමා නොමැති ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන Reporters Without Borders 2020 දී ප්‍රකාශ කර තිබුණේ, පෝලන්තයේ රජය සතු මාධ්‍ය තුළ තවමත් පක්ෂග්‍රාහී මෙන්ම වෛරී ප්‍රකාශ නිකුත් කරන ප්‍රචාරක හඬවල් බවට පත්ව ඇති බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි