×

සමරිසි ප්‍රජාව ගේ පවුල් සංස්ථා පිහිටුවා ගැනීමේ අයිතිය වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප්තුමා පෙරට!

සමරිසි ප්‍රජාව වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප්තුමා සිය කොන්දේසි විරහිත සහාය මෙසේ පළකිරීම කතෝලික සභාවේ ඇතැම් ගතානුගතික පාර්ශවයන් ගේ බලවත් අප්‍රසාදයට ලක්වනු ඇති බවද ඇතැම්හු විග්‍රහ කරති.


සමරිසි ප්‍රජාව හට පවුල් සංස්ථාවක් පිහිටුවා ගැනීම සඳහා ඇති අයිතිය ට සිය කොන්දේසි විරහිත සහාය පළ කිරීමට පාප් ෆ්‍රැන්සිස් තුමා තීරණය කර තිබේ.

ඒ අනුව, පසුගිය බදාදා දින රෝමයේදී තිරගත වූ ෆ්‍රැන්සෙස්කෝ නම් වාර්තා ගත චිත්‍රපටයක අඩංගු සම්මුඛ සාකච්ඡාවක දී ෆ්‍රැන්සිස් පාප් හිමි මේ බව තහවුරු කර තිබේ.

සමරිසි පුද්ගලයින් හට පවුලක් සාදා ගැනීමේ අයිතියක් පැවතිය යුතු බවත්, ඔවුන් දෙවියන් වහන්සේ ගේ දරුවන් බැවින් ඔවුනට පවුල් ඒකකයක් පිහිටුවා ගැනීමේ අයිතියක් පැවතිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පවුලක් පිහිටුවා ගැනීමේ අදිටනින් සිටින කිසිදු පුද්ගලයකුගේ බලාපොරොත්තුව බිඳ දැමීම සිදුනොකළ යුතු බවත්, මේ සඳහා සිවිල් ඒකක පිහිටුවා ගැනීම සම්බන්ධ නීතියක් හඳුන්වා දිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

එමඟින් සමරිසි ප්‍රජාවක් විසින් පිහිටුවා ගන්නා පවුලකට ද නීතිමය රැකවරණය ලැබෙනු ඇති බවටත්, එම අයිතිය සඳහා තමන් පෙනී සිටින බවටත්, උන්වහන්සේ ගේ ප්‍රකාශය තුළ වැඩිදුරටත් සඳහන් විය.

සමරිසි ප්‍රජාව වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප්තුමා සිය කොන්දේසි විරහිත සහාය මෙසේ පළකිරීම කතෝලික සභාවේ ඇතැම් ගතානුගතික පාර්ශවයන් ගේ බලවත් අප්‍රසාදයට ලක්වනු ඇති බවද ඇතැම්හු විග්‍රහ කරති.

.
මෙය පළමු අවස්ථාව නොවේ!

2016 ජූනි මස ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කර සිටියේ කතෝලික සභාව සමරිසි ප්‍රජාව ගෙන් සමාව අයැද සිටිය යුතු බවයි.

සමරිසි ප්‍රජාව විනිශ්චයට ලක්කිරීමට පල්ලියට අයිතියක් නොමැති බවත්, ඔවුනට ගෞරවය දැක්විය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

“සමරිසි පුද්ගලයින්ට වෙනස්කොට සැලකීම නොකළ යුතු බවත්, ඔවුනට ගෞරව කළ යුතු බවත්, දේවගැති කටයුතු සඳහා ඔවුන් සහභාගී විය යුතු බවත්, එය සභාවේ උත්තරීතරභාවයේ ස්ථාවරය බවත් මම පවසා සිටිමි.”

එසේ පැවසුවේ ආර්මේනියාවේ මෙහෙයකට සහභාගී වී නැවත වතිකානුව බලා පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමා ය.

අමනාපයට පත්වූ සමරිසියන් පමණක් නොව, දුප්පතුන්, බලහත්කාරකම් හා සූරාකෑමට ලක්වූ කාන්තාවන් හා දරුවන් ගෙන් පවා සභාව සමාව ඇයැද සිටිය යුතු යැයි මම සිතමි. බොහෝ ආයුධ වෙත ආශිර්වාද පතා තිබීම සම්බන්ධයෙන් සභාව සමාව ගත යුතු ය.

මීට ඉහත 2013 වර්ෂයේදී ෆ්‍රැන්සිස් පාප්තුමා සමරිසිභාවය පිළිබඳ කතෝලික සභාවේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියහ.

පුද්ගලයකු සමරිසියකු වන්නේ හා එවන් පුද්ගලයකු දෙවියන් වහන්සේ පතන්නේ හා සොඳ මිනිසකු වන්නේ නම්, එවන් පුද්ගලයකු විනිශ්චය කිරීමට තමාට ඇති අයිතිය කුමක්ද යන්න උන්වහන්සේ පෙන්වා දුන්හ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි