×

මේ ගෙන එන්නේ ජමාල්ගේ සිරුරු කොටස් ය!

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තුර්කියේ පිහිටා තිබෙන සෞදි තානාපති කාර්යාලයේදී අමු අමුවේ, මහ දවාලේ මරා දමන ලද, මරාදැමීමෙන් පසුව කඩ කඩවලට කපා කැලයකට සහ තවත් තැනකට විසි කර දැමූ ලෝ ප්‍රකට මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ සිරුරේ කොටස් ය. ඡායාරූපය - අල් ජසීරා


මේ වන විට තුර්කි ජනාධිපති තායිප් එර්දොගන් පාර්ලිමේන්තුව අමතමින් සිටියි. ඔහු කතා කරන්නේ ජමාල් ඛෂෝගි ගේ ඝාතනය ගැන ය. මේ පිළිබඳ තමන් දන්නා දේ හෙළිකරමින් ‘නිරුවත් සත්‍යය‘ ලොවට කියන බව එර්දොගන් ඊයේ කීවේය.

අද දිනයේ පාර්ලිමේන්තුව අමතමින් එර්දොගන් කියා සිටියේ, සෞදි බලධාරීන්ගේ ‘වර්ෂන්‘ එක වන, ජමාල් ‘ෆිස්ට් ෆයිට්‘ එකකදී මිය ගිය බව සම්පූර්ණ අසත්‍යයක් බවයි.

එය, ජමාල් කොන්සල් කාර්යාලයට පැමිණෙන්නට පෙර සිටම සැලසුම් කරන ලද ඝාතනයක් බව එර්දොගන් පවසයි.

ඔක්තෝබර් 2 වැනිදා, සිය සහකාරිය කොන්සල් කාර්යාලයෙන් පිටත රඳවා ජමාල් ඛෂෝගි කොන්සල් කාර්යාලය තුළට යන්නේ තමන් පෙර විවාහයෙන් දික්කසාද වූ බව හඟවන ලියකියවිලි භාරදීම සඳහා ය. නමුත් එසේ ගිය ඔහු නැවත ආවේ නැත. ඒ වෙනුවට ඔහුගේ ඇපල් අත් ඔරලෝසුව, ඔහුගේම කබාය, කලිසම හැඳගත් සෞදි බුද්ධි අංශ නිලධාරියෙක් පස්සා දොරෙන් පිට වී ගිය ආකාරය ඊයේ සවිස්තරාත්මකව අවුට්බවුන්ඩ් ටුඩේ තුළින් හෙළි කළෙමු.

නවතම තොරතුරු සඳහා රැඳී සිටින්න..

පෙර ලිපි සියල්ල මෙතැනින්..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි