×

පතොක් ගහටත් කණ කොකා හඬයි!

ලොව ජාතික වනෝද්‍යානවල සහ සංරක්ෂිතවල පවත්නා පතොක් විශේෂවලින් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යමින් පවතී.


“කන්සර්වේෂන් බයොලොජි” ජර්නලය පෙන්වා දෙන අන්දමට පතොක් විශේෂ මුළු සංඛ්‍යාවෙන් 18%ක් හෙවත් විශේෂ 261කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යන්නට පටන් ගෙන ඇත. පෘථිවිය මත වඩාත්ම අවදානම් සහගත තත්ත්වයක් හමුවේ ඇති ශාක කුලය, පතොක් ශාක ඇතුළත් කුලය බව සඳහන් වේ. සමස්තයක් හැටියට ගත් කල පතොක් විශේෂවලින් 80%ක පමණ ප්‍රමාණයක් විනාශ මුඛය අභියස පවතින බව ජර්නලය වැඩි දුරටත් පෙන්වා දෙයි. පතොක් ශාක විනාශ වී යෑම ආරම්භ වී තිබෙන්නේ ජාවාරම්කරුවන් ඒවා උදුරා අලෙවි කිරීමට පෙළඹීම නිසයි. ජාතික වනෝද්‍යාන, ඉන්දියාවේ සංරක්ෂිත මෙන්ම වෙනත් ආකාරයේ වන බද පෙදෙස්වල පතොක් විශේෂ, ජාවාරම්කරුවන් අතට මේ අන්දමට පත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

RICHARD DUEBE

RICHARD DUEBE

අප සියල්ලන්ම පතොක් ශාක විශේෂ සම්බන්ධයෙන් මෙයට වඩා වැඩි සැලකිල්ලකින් කටයුතු කළයුතු බව සොබා දහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමයේ විද්‍යාඥ බාර්බරා ගොට්ස්ක් පවසන්නීය.

RICHARD DUEBE

RICHARD DUEBE

RICHARD DUEBE

RICHARD DUEBE

RICHARD DUEBE

RICHARD DUEBE

” … පතොක් ශාක සැලකෙන්නේ, ශුෂ්ක පරිසර පද්ධතිවල පවතින ඉතාමත් වැදගත් ශාක විශේෂයක් හැටියට. එම පරිසර පද්ධතිවල සිටින සෙසු විශේෂවලට ආහාර, ජලය වගේම වාසස්ථානත් පතොක් විශේෂ නිසා ලැබෙනවා. ඖෂධ, ආහාර, ඉඳිකිරීම් සහ අලංකරණ යන අවශ්‍යතා ඉටුකරගන්න මිනිසුන් මේ ශාක පවුලේ ශාක භාවිතයට ගන්නවා. …” යැයි කියා බාර්බරා වැඩිදුරටත් පෙන්වා දී තිබිණ.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය මෙයට පෙර සඳහන් කළේ ලෝ පුරා පතොක් විශේෂ 1400කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවකි. එයින් විශේෂ 31ක් වඳ වී යමින් පවතින බව එම සංගමය එවර පෙන්වා දී තිබිණ. එම විශේෂ වඳ වී යමින් පවතින්නේ ජාවාරම්කරුවන්ගේ ක්‍රියා සහ කෘෂිකාර්මික කටයුතු නිසා බැව් අනාවරණය වී තිබුණේය. එසේ වුවත් නව අධ්‍යයනයෙන් පෙනී යන්නේ කලින් පැවැති තත්ත්වයටත් වඩා වැඩියෙන් පතොක් කුලයේ ශාක වඳ වී යමින් තිබෙන බවකි.

ඉතා තද උෂ්ණත්ව තත්ත්ව යටතේත්, නියං තත්ත්ව යටතේත්, දුර්වල පසක් සහිත ස්ථානවලත් පතොක් විශේෂ ඉතා හොඳින් වැඩේ. පතොක්වල නිජබිම ඇමෙරිකාවයි. එසේ වුවත් කැනඩාවේත්, ශ්‍රී ලංකාවේත්, අප්‍රිකාවේත් පතොක් ශාක හොඳින් වර්ධනය වේ.

මූලාශ්‍ර:

https://www.bbc.com/news/science-environment-45438733
https://www.ecowatch.com/cactus-species-at-risk-2605723062.html



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි