එය සැමරීම සඳහා බොහෝ කටයුතු සූදානම් වෙමින් තිබේ. ක්ලැරන්ස් හවුස් වෙතින් චාල්ස් කුමරුගේ අලුත්ම පවුලේ ඡායාරූප 2 ක් නිකුත් කර ඇති අතර, මේ දිස් වන්නේ එයින් එක් ඡායාරූපයකි.
CHRIS JACKSON CLARENCE HOUSE
සිය ලොකු පුතාගේ 70 වැනි උපන්දිනය දා 92 හැවිරිදි එලිසබෙත් රැජින විශේෂ කතාවක් පැවැත්වීමට ද නියමිත ය. Prince Charles reveals love of ‘groussaka’ as he turns 70
වේල්ස් හි ආදිපාද චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය නොහොත් කැමිලා, ලන්ඩනයේ ස්පෙන්සර් හවුස් හිදී මේ උපන්දිනය නිමිත්තෙන් විශේෂ තේ සාදයකට ද සහභාගි වනු ඇත. ටවර් ඔෆ් ලන්ඩන් හි සම්ප්‍රදායික කාල තුවක්කු වෙඩි මුර ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ රාජකීය සම්ප්‍රදාය පරිදි ය. ඒ වේලාවේදීම වෙස්මිනිස්ටර් ඇබේ ආසන දෙව් මැදුරේ සීනුව ද නාද වනු ඇත.
Reader’s Digest
ඒ සමගම ඔහුගේ හැත්තෑ අවුරුදු ජීවිතයේ නොදන්නා තොරතුරු රාශියක් ද හෙළිදරව් වෙමින් තිබේ.
චාල්ස් කුමරු ද අන් කවරදාටත් වඩා තමන් ජීවිතයේ කැමති දේවල් ගැන කතා කරන්නට ද පටන් ගෙන තිබේ. Country Life සඟරාවට ඔහු එවැනි බොහෝ තොරතුරු හෙළිදරව් කර තිබෙන්නේ මෙසේ ය. මේවා ඔහු විසින්ම සඟරාවට ලියා ඇති තොරතුරු වීමත් විශේෂත්වයකි.
එයට අනුව ඔහු රතු ලේනුන්ට ඉතා ප්‍රිය ය. තමන් ජීවත් වන තැන අවට රතු ලේනුන් දුව ඇවිදිනු නරඹන්නට පරිසරයට ආදරය කරන චාල්ස් කුමරු ඉතා කැමති ය. රැජිනට අයත් බැල්මෝරල් වත්තේ පිහිටා තිබෙන බර්ක්හෝල් නිවස ඒ අන්දමින් රතු ලේනුන් නිතර යන එන තැනකි. ‘‘සමහර වෙලාවට මම ජැකට් එක පුටුව උඩ දාල ගියාම, මට පේනවා උන් ඒක ඇතුළට රිංගලා සෙල්ලම් කරන හැටි“ යැයි ද කුමරු කියයි.
චාල්ස් කුමරුගේ ප්‍රියතම කෑමක් වන්නේ pheasant crumble pie වේ. එය පක්ෂි විශේෂයක මස් යොදා පිළියෙළ කරන්නකි.
එසේම මුසාකා moussaka යනු ග්‍රීක රස මසවුළකි. එය සාදන්නේ බැටළු මස්, චීස් සෝස්, තක්කාලි යනාදියෙනි. නමුත් චාල්ස් කුමරු තමන්ගේම සොයාගැනීමක් කර තිබේ. බැටළු මස් වෙනුවට කළුකුම් වර්ගයේ grouse මස් යොදා එය පිළියෙළ කරයි. කුමරු එයට කියන්නේ මුසාකා නොව, ‘‘ගෘසාකා‘‘ “groussaka” කියා ය. එය ඔහුම දමාගත් නමකි.
එසේම එම කෑම වර්ගයත් තමන්ගේම සොයාගැනීමක් බව කුමරු කියයි.
මේ සමගම බකිංහැම් මාළිගය විසින් චාල්ස් කුමරුගේ 70 වන උපන්දිනය වෙනුවෙන් ඔහු ගැන ලෝකය නොදන්නා අප්‍රකට එහෙත් රසවත් තොරතුරු 70 ක් ද හෙළිදරව් කර තිබේ. මේ ඒ අතරින් කිහිපයකි.
චාල්ස් කුමරු දිවා ආහාරය ගන්නේ නැත.
ඔහුගේ ජනප්‍රියම කපා ආහාරය වන්නේ කිරි පැණි සමග ඩාජිලින් ය. ඩාජිලින් යනු උතුරු ඉන්දියාවේ වැවෙන ඉහළ තත්වයේ තේ වර්ගයකි.
ANDREW MILLIGAN
චාල්ස් කුමරු හොඳ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ ප්‍රියතම මාධ්‍යය දිය සායම් ය.
Daily Express
1987 වසරේ ඔහු විසින් රාජකීය ඇඩකමියේ ගිම්හාන චිත්‍ර ප්‍රදර්ශනය සඳහා කදිම දිය සායම් චිත්‍රයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ නමුත් චාල්ස් කුමරු මෙම චිත්‍රය ඉදිරිපත් කර තිබෙන්නේ නිර්නාමිකව ය.
පහත දැක්වෙන්නේ චාල්ස් කුමරු විසින් අඳින ලද දිය සායම් චිත්‍ර කිහිපයකි.
blueworldwebmuseum.org
Daily Express
azra.ba
artnet News
චාල්ස් කුමරු ජීවිතයේ වැදගත් අවස්ථාවලදී පැළ රෝපණය කිරීමට ප්‍රිය කරන අයෙකි. ගසක් රෝපණය කිරීමෙන් පසු හැමවිටම, ඔහු එම පැළයේ අත්තකට අතට අත දීමට අමතක නොකරයි.
චාල්ස් කුමරුගේ නමින් මැඩියෙකු නම් කර තිබේ. ඒ, කුමරුගේ පරිසර හිතකාමිත්වයට ගෞරවයක් පිණිස ය. එම මැඩියාගේ විද්‍යාත්මක නාමය වන්නේ Hyloscirtus Princecherlesi – හයිලොස්කර්ටස් ප්‍රින්ස්චෙලසි හෙවත් Prince Charles Magnificent Tree Frog ය. මෙය සරල සිංහලයට පරිවර්තනය කිරීමට සිදුවන්නේ ‘‘මහේශාක්‍ය චාල්ස් කුමාර ගස් ගෙම්බා‘‘ යනුවෙනි!
wikipedia
බ්‍රිතාන්‍ය රජ පෙළපතේ උපාධිධාරී ඔටුන්න හිමි කුමාරයා බවට පත්වූ පළමුවැන්නා චාල්ස් කුමරු ය. ඒ, 1970 වසරේදී ය. කේම්බ්‍රිජ් සරසවියෙන් ලත් උපාධියේදී චාල්ස් කුමරු පළමු වසරේදී විෂයන් වශයෙන් තෝරාගත්තේ පුරාවිද්‍යාව සහ මානව විද්‍යාවයි. පසුව ඔහු ඉතිහාසය තෝරාගත්තේය.