රුසියාව විසින් යුක්රේන නෞකා සිය මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වන බවට චෝදනා නගමින් සිටින අතරවාරයේ, අර්බුදය උත්සන්න කරමින් යුක්රේන නෞකා කිහිපයක් රුසියාව විසින් සිය ග්රහණයට ගෙන ඇති බව වාර්තා වේ. Protests in Kiev
මේ වන විට රුසියාවේ මෙම ක්රියාකලාපයට එරෙහිව යුක්රේනය පුරා විරෝධතා පැවැත්වේ.
ඊයේ රාත්රිය පුරා පැවති විරෝධතා ප්රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර, ජනතාව සන්සිඳුවීම සඳහා හමුදා නීතිය පැනවිය යුතුදැයි යුක්රේන පාර්ලිමේන්තුව අද දිනයේ තීරණය කරනු ඇත.
නමුත් මෙය රට තුළ හමුදා නීතිය පැනවීම මිස, රුසියාව සමග යුද්ධ ප්රකාශ කිරීමක් නොවන බව ද යුක්රේන බලධාරීන් පවසා තිබේ.
මෙම විරෝධතා පැවැත්වෙන්නේ ප්රධාන වශයෙන්ම යුක්රේනයේ කිව් අගනුවර පිහිටා තිබෙන රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී ය. තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයක් ද කලහකාරීන් විසින් ගිනිබත් කර තිබේ.
මෙම නෞකා පැහැරගැනීම සිදුව තිබෙන්නේ රුසියාව විසින් ඈඳා ගනු ලැබූ ක්රිමියානු අර්ධද්වීපය අසල මුහුදේදී ය. මෙහිදී යුක්රේන නාවිකයන් කිහිප දෙනෙකු ද තුවාළ ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජගත් සංවිධාන ආරක්ෂක කවුන්සිලය විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතය.
රුසියාව විසින් ක්රිමියානු අර්ධද්වීපය ඈඳාගත්තේ 2014 වසරේදී ය. එදා පටන් මේ දක්වා ක්රිමියානු අර්ධද්වීපය ආශ්රිත කළු මුහුද සහ ඇසෝව් මුහුද, රුසියාව සහ යුක්රේනය අතර ජල තලය නිරන්තරයෙන් ‘රත් වෙමින්‘ තිබෙන්නේ රුසියාව විසින් ක්රිමියාව ඈඳා ගැනීම කුමන්ත්රණයක් සේ යුක්රේනය විසින් දකින නිසා ය.