×

රුසියානු මාධ්‍යවේදියෙක් සැක කටයුතු ලෙස බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් අසල

රුසියානු රූපවාහිනී කණ්ඩායමක් නිසා බ්‍රිතාන්‍යයේ හමුදාව සීරුවෙන්


බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් (Gavin Williamson) විසින් හමුදා ක්ෂේත්‍රයන් හි සිදුවන සැකකටයුතු ක්‍රියාවන් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.

මෙය සිදුවී තිබෙන්නේ චැනල් වන් රූපවාහිනී සේවයේ තිමූර් සිරසීව් (Timur Siraziev) නමැති මාධ්‍යවේදියා බර්ක්ෂයර් හි හමුදා කඳවුර අවට සැකකටයුතු ලෙස ගැවසී ඇති බව වාර්තා වීමත් සමග ය. මෙම හමුදා ඒකකය, එක්සත් රාජධානියේ ‘තොරතුරු යුගයට‘ ගැළපෙන පරිදි යාවත්කාලීන කර ඇති, නූතන ආරක්ෂක අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි පවත්වාගෙන යන ඒකකයකි. එසේම මෙම හමුදා කඳවුරේ භට ඛණ්ඩ මෙන්ම විශේෂ අවස්ථාවලදී කැඳවන ආරක්ෂක අංශ ද රැඳී සිටිති.

ඔහුගේ සැක කටයුතු හැසිරීම් හමුදා පද්ධතියේ ආරක්ෂක කැමරාවල සටහන් වී තිබේ.

Gavin Williamson

Gavin Williamson

 

පසුව චැනල් වන්, නොවැම්බර් 21 වැනිදා තිමූර් විසින් වාහනයක නැගී හර්මිටේජ් බැරැක්ක පසුකරගෙන යමින් සිදුකළ රූගත කිරීම් ඇතුළත් රූපරාමු පෙළක් විකාශනය කර තිබේ. එහි, තිමූර්, එහි පිවිසුම් දොරටුව වෙත ඇවිදගෙන යන ආකාරය ද ඇතුළත් ය.

චැනල් වන්, රුසියාව පදනම්කරගෙන ක්‍රියාත්මක වන සමාජ ජාල සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබඳ උනන්දුවක් දක්වන කණ්ඩායමකි. රුසියානු තානාපති කාර්යාල වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට තිමූර් එම නාලිකාවේ ප්‍රධානියා ය.

බ්‍රිතාන්‍යයේ පවත්නා නීතියට අනුව මහජනයාගෙන් අයෙක් එවැනි හමුදා කඳවුරක් ආසන්නයේ සැක කටයුතු ලෙස, අවසරයකින් තොරව ගැවසේ නම් වහාම පොලිසිය ඇමතිය යුතු වේ.

රුසියාව පසුගියදා සිදුවූ නොවිචොක් ප්‍රහාරයත් සමග අන්තර්ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් සහිත රටක් යැයි බ්‍රිතාන්‍යය විසින් දැඩි සේ අවධාරණය කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි