×

ලොව ලොකුම වට්ටක්කා ගෙඩිය

යෝධ වට්ටක්කා ගෙඩියක් බ්‍රිතාන්‍යයෙන් සදම්ටන් වට්ටක්කා සැණකෙළියට ඉදිරිපත් කෙරේ.


JUBILEE SAILING TRUST

JUBILEE SAILING TRUST

බ්‍රිතාන්‍ය ජාතික 57 හැවිරිදි නිවුන් සොයුරන් දෙදෙනකු වන ඉයන් සහ ස්ටුවර්ට් පැටොන් යෝධ වට්ටක්කා ගෙඩියේ හිමිකරුවන් ය. ඔවුන් දෙදෙනා එක්ව කළ වට්ටක්කා වගාවකින් නෙළාගෙන ඇති මේ වට්ටක්කා ගෙඩියේ බර කිලෝග්‍රෑම් 1,103.9ක් පමණ වේ. එය දෙවැනි වන්නේ 2016 වසරේදී ජර්මනියෙන් ඉදිරිපත් කෙරුණු කිලෝග්‍රෑම් 1,190ක් බරැති වට්ටක්කා ගෙඩියට පමණි. ජර්මනියෙන් ඉදිරිපත් කෙරුණු එම වට්ටක්කා ගෙඩිය ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය හැටියට සැලකේ.

ඉයන් සහ ස්ටුවර්ට් පැටොන් සොයුරෝ පසුගිය වසරේදීත් යෝධ වට්ටක්කා ගෙඩියක් කරළියට රැගෙන ආහ. එය කිලෝග්‍රෑම් 1,029ක් බරැති එකක් විණ. වයස අවුරුදු 11 සිටම වට්ටක්කා වැවීම කරන මේ දෙසොයුරන්ගේ මීළඟ ඉලක්කය ලොව විශාලතම වට්ටක්කා ගෙඩියේ හිමිකරුවන් වීමයි.

මේ වසරේදී ලබාගත් වට්ටක්කා ගෙඩිය, ලොව හොඳම වට්ටක්කා සමඟ මුහුම් කර ලබාගත් බීජවලින් හටගත් දෙමුහුම් වර්ගයේ වට්ටක්කා ගෙඩියක් බව ඉයන් සහ ස්ටුවර්ට් පවසති. සැහැල්ලු සහ විවෘත පසක් වගාවට භාවිතය කිරීම නිසාත් ගිම්හාන කාලයේදී වැඩිපුර වතුර යෙදීම නිසාත් මෙතරම් හොඳ වට්ටක්කා අස්වැන්න ලබාගත හැකිව ඇති බව ඔවුන්ගේ අදහසයි.

IAN PATON

IAN PATON

මේ වට්ටක්කා ගෙඩිය සදම්ටන් හි සිට ලන්ඩනයේ කොවෙන්ට් ගාර්ඩ්න් වෙත රැගෙන ඒමට නියමිතව ඇත. එය එම උද්‍යානයේ තැන්පත් කරන්නේ මහජන ප්‍රදර්ශනය පිණිසයි. ඊළඟ වගාව සඳහා අවශ්‍ය බීජ අනතුරුව, එයින් ලබාගැනීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි