×

පුටින් බෙලරුස් හි න්‍යෂ්ටික අවි ස්ථානගත කරයි.

රුසියාවේ භෞමික අඛණ්ඩතාවයට හෝ පැවැත්මට තර්ජනයක් තිබේ නම් මොස්කව්ට න්‍යෂ්ටික අවි න්‍යායාත්මකව භාවිතා කරනු ඇති බවත්ය.


ඊයේ(16)දිනයේදී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති රුසියාවේ වාර්ෂික ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබුණේ, රුසියානු උපායශීලී න්‍යෂ්ටික යුධ ශීර්ෂ දැනටමත් සමීප මිත්‍ර බෙලාරුස් වෙත ලබා දී ඇති මුත් රුසියාවට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, රුසියාවේ භෞමික අඛණ්ඩතාවයට හෝ පැවැත්මට තර්ජනයක් තිබේ නම් මොස්කව්ට න්‍යෂ්ටික අවි න්‍යායාත්මකව භාවිතා කරනු ඇති බවත්ය.

රුසියානු නායකයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු රුසියාවෙන් පිටත සිදු වූ පළමු යුධ හිස් යෙදවීම මෙය බවත්, යුක්රේනයට සහය දැක්වීම හේතුවෙන් මෙය බටහිර රටවලට කරන අනතුරු ඇඟවීමක් ලෙස සලකන බවයි. මේ වන විට යුක්රේනයට සිය බටහිර මිත්‍රයන්ගෙන් ලැබුණ ජර්මනියේ නිෂ්පාදිත Leopard ටැංකි, එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක ජෙට් යානා රුසියානු හමුදාව විසින් දිනෙන් දින විනාශ කරන බවත් යුක්රේනයට හැමදාම යුක්ධ කළ නොහැකි බවත්ය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, රුසියාව බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි තබා ඇති මුත් ඇමරිකා එක්සත් ජනපදය එහි න්‍යෂ්ටික ස්ථාවරය වෙනස් නොකළ බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි