×

පුටින්ගෙන් කිම් ජෝන් උන්ට මෝටර් රථයක් තෑගි

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සුඛෝපභෝගී මෝටර් රථ කෙරේ වැඩි ඇල්මක් ඇත


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව සහ රුසියාව අතර නව උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් වෙත මෝටර් රථයක් තෑගිකර ඇති බව උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙම මෝටර් රථය රුසියාවේ නිල රාජ්‍ය මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා 2018 දී ආරම්භ කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයා වන Aurus වර්ගයේ ලිමොසින් රථයක් වන බවයි.

කිම්ගේ සොහොයුරිය සහ ජ්‍යෙෂ්ඨ පියොංයැං නිලධාරි කිම් යෝ ජොං සිය සොහොයුරා වෙනුවෙන් පුටින්ට ස්තුති කර ඇති අතර උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සුඛෝපභෝගී මෝටර් රථ කෙරේ වැඩි ඇල්මක් ඇති අතර ඔහු 2015- 2017 අතර කාලය තුළ Mercedes, Mercedes-Maybach S600, රෝල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී වාහන 800 කට වඩා ආනයනය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි