×

කිනිතුල්ලන් විසින් වසාගත් සර්පයෙක්

සාමාන්‍යෙයන් අප දන්නා විදිහට කිනිතුල්ලන් විසින් සර්පයන්ව හපා කනවා අඩුයි. සත්ව විද්‍යාඥයන් කියන විදියට සර්පයන්ගේ ශරීරය මත ඉතා කුඩා ප්‍රමාණවලින් මේ පරපෝෂිතයා සිටින්නට පුළුවන්.


නමුත් මුළු මහත් සර්පයෙක් වසාගන්නා තරමට කිනිතුල්ලන් සිටින අවස්ථා ඉතාම අඩුයි.

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ කාපට් පයිතන් වර්ගයේ සර්පයෙක් (carpet python) පිහිනුම් තටාකයක පීනමින් සිටියා. නිවැසියන් විසින් කතා කර සත්වයා ඉවත් කිරීමේදී පෙනී ගියේ උගේ සිරුර වසාගෙන කුඩා ගල් කැට මෙන් කිනිතුල්ලන් එල්ලී සිටින බවයි.

වහාම මේ සර්පයා බේරාගැනීමට නිලධාරීන් පැමිණියා.

ඔවුන් පසුව පැවසුවේ කිනිතුල්ලන් 500කට අධික ප්‍රමාණයක් සර්පයාගේ සිරුර මත පරපෝෂිතයන් වශයෙන් සිට ඉවත් කළ බවයි.

GOLD COAST AND BRISBANE SNAKE CATCHER/FACEBOOK
GOLD COAST AND BRISBANE SNAKE CATCHER/FACEBOOK

සර්පයාගේ මුහුණ ඉදිමී තිබූ බවත්, ඌ පැහැදිලිවම පරපෝෂිතයන් නිසා දැඩි ආසාදනයකට ලක්වී සිටි බවත් පසුව පැවසුණා.

මෙය විශේෂ සිදුවීමක් නිසාම ක්වීන්ස්ලන්ත සරසවියේ අවධානය ද සර්පයා වෙත යොමු වී තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ කිනිතුල්ලන් මෙසේ අසාමාන්‍ය ලෙස සර්පයාට ආකර්ෂණය වීමට හේතුව උගේ යම් රුධිරගත ආසාදන තත්වයක් විය හැකි බවයි. සර්පයාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහමුලින්ම අඩාල වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ප්‍රතිකාර සඳහා යොමු කළත්, මේ සත්වයා ජීවත් වේදැයි කියන්නට අපහසුයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි