×

කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ඩෙඟා නැටූ ෂාමන්වරයා අධිකරණය ඉදිරියේ වරදකරු වෙයි!

ඉකුත් ජනවාරි මස ඛනොන් ෂාමන් ('QAnon shaman') නමින් හඳුන්වා ගත් එක්සත් ජනපදයේ කැපිටල් හිල් කෝලාහලය සිදුවූ අවස්ථාවේ ෂාමන්වරයකු මෙන් හැඳගෙන කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා එම වරදට වරදකරු බවට අද ෆෙඩරල් අධිකරණයේ දී තීන්දු විය.


ජේකොබ් චැන්ස්ලි යැයි නම් දරන මෙම පුද්ගලයා ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණය පරාජයට පත්වීම හමුවේ කුපිත වී වොෂිංටනයේ කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු ට්‍රම්ප්භක්තිකයින් අතර සිටි කැපී පෙනෙන චරිතයකි.

ෂාමන්වරයකු පිළිඹිමු වන අන්දමේ ඇඳුමකින් සැරසී ලෝහ තලයක් සවිකල හීයක් ද රැගෙන මොහු ඛනොන් ෂාමන් නමින් කැපිටල් හිල් ගොඩනැගිල්ල තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අන්දම කැමරාකාචයේ සටහන් වී තිබිණි.

ඒ අනුව අද දින අධිකරණය ඉදිරියේ මෙම කෝලාහල වලට සම්බන්ධ වූ බවට හා මැතිවරණ ගණනය කිරීම් වලට අදාළ කාර්යාල කටයුතු වලට බාධා කිරීම යන කරුණු හමුවේ ඔහු වැරදිකරු විය.

කැපිටල් හිල් කෝලාහලයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හයසියයක් පමණ මේ වන විට අධිකරණ කටයුතු වලට මුහුණ දෙමින් සිටිති. ඒ අතර විත්තිකරුවන් 36 දෙනෙකු පමණ වරදකරුවන් වී ඇත.

ජේකොබ් චැන්ස්ලි හෙවත් ඛනොන් ෂාමන් අධිකරණ කටයුතු කාලසීමාව තුළ මාස අටක කාලයක් බන්ධනාගාර ගතව සිටියේය.

QAnon යනුවෙන් හැඳින්වෙන්නේ එක්සත් ජනපදයේ දක්ෂිණාංශික මතධාරීන් අතර පවතින කුමන්ත්‍රණ සිද්ධාන්තයක් හෙවත් කන්ස්පිරසි තියරියකි. එයින් කියවෙන්නේ ඇමරිකානු රජයේ, මාධ්‍ය සහ ව්‍යාපාර වල ඉහළ පුටු වල වල සාතන් අදහන ළමා අපයෝජකයින් සිටින බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මේ සාතන් භක්තිකයන් පරාජය කිරීම සඳහා රහසිගත යුද්ධයක නියුතු වූ වීරවරයකු බවට චැන්ස්ලි ඇතුළු කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන්ගේ මතය විය.

චැන්ස්ලි ඇමරිකානු FBI ආයතනය වෙත පවසා තිබුණේ තමා වොෂිංටනයට පැමිණියේ ජනාධිපති (ට්‍රම්ප්) ගේ ඉල්ලීම මත දේශප්‍රේමීන් සමඟ පෙළගැසීමට බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි