×

එලිසබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා කොවිඩ් -19 එන්නත ලබා ගනියි

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් රාජධානියේ කෝවිඩ් -19 රෝගීන් මිලියන 3 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 80,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.


දෙවන එලිසබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා  කොවිඩ් -19 එන්නත ලබා ගෙන ඇති බව බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයන් පසුගිය සෙනසුරාදා පවසා  ඇත.

ඔවුන්ට මෙම එන්නත් ලබා දී ඇත්තේ වින්ඩ්සර් කාසල් හි ගෘහස්ථ වෛද්‍යවරයකු විසිනි.

72 හැවිරිදි චාර්ල්ස් කුමරුට පසුගිය වසරේ මාර්තු මාසයේදී කොවිඩ් වෛරසය වැළදුණු අතර ඔහු පසුව කියා සිටියේ තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්වීම සැබැවින්ම සතුටට කරුණක් වන බවත් ඉතා ඉක්මනින් සුව වූ බවයි.

මේ අතර, බ්‍රිතාන්‍ය සිහසුනේ දෙවන පෙළේ සිටින ඔවුන්ගේ මුනුබුරා වන විලියම් කුමරුට ද මේ වසර මුලදී කොරෝනා වෛරසය වැළදී ඇති බව එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කරයි. ඔහු වෛරසය ආසාදනය වූයේ කවදාද යන්න පැහැදිලි නැත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් රාජධානියේ කෝවිඩ් -19 රෝගීන් මිලියන 3 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 80,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි