×

සුපර් මෑන්ලා මදිවට රැකූන් වීරයෙක්

උත්සහය අත් නොහළ වීර රැකූන්


නොබෝදා ක්ෂණයකින් තට්ටු 4ක් උඩට නැග දරුවෙක්ගේ ජීවිතයක් භේරාගත් මාලී වීරයා ගැන උණුසුම යන්නටත් පෙර ,දවසක් තිස්සේ තට්ටු 23ක ගොඩනැගිල්ලක් තරණය කළ රැකූන් කෙනෙක් ගැන බය හිතෙන කථාවක් මේ දිනවල සමාජමාධ්‍ය ජාගා වල වැඩි වැඩි වැඩියන් කථා බහ වෙනවා.

[embedyt] https://www.youtube.com/watch?v=uRQpsMtgkAY[/embedyt]

[embedyt] https://www.youtube.com/watch?v=Fh3WsBEWOA0[/embedyt]

එය සැබවින්ම ආදරණීය මෙන්ම ත්‍රාස්‍යජනක කථාවක් .
රැකූන් කියන්නේ හරියටම මුගටියෙක්ගේ ස්වරූපය ගත් ක්ෂීරපායී සතෙක්. ගොඩ නැගිල්ලේ පිටත බිත්තියේ කෙමෙන් කෙමෙන් බඩ ගාමින් ඔහු කිසිදු බියකින් තොරව සිය උත්සහය අත නෑර ඉදිරියටම ගියා. මේ නිර්භීත වීරයා තට්ටු 23ක් උස ගොඩනැගිල් තරණය කර අවසන් වන තුරුම ගොඩ නැගිල්ල පාමුල සිට දහසකුත් සෙනග රැස්වී බලා සිටියා. ඒ ගැන ට්විටර් පණිවිඩ හුවමාරු කළ එපමණක්ද නොවේ ඇමරිකාවේ මිනේසෝටා ජාතික ගුවන් විදුලිය මේ ගැන වාර්ථා කළා.


අවසන ඔහු 23 යව තට්ටුවට ළඟා වෙද්දි ට්විටර් සමාජ ජාලය ඔස්සේ සියල්ලන් ඔහුගේ ජයග්‍රහණය සැමරුවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි