×

රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කිරීමට තමිල්නාඩුව නැවත සැරසෙයි.

රජීව් ගාන්ධි ඝාතනයේ සැක කරුවන් සියල්ලන් නිදහස් කළ යුතු බවට තමිල්නාඩු රජය අවධාරණය කර සිටී.


මේ වන විට වසර 27ක කාලයක් තිස්සේ සිරගතව සිටි වරදකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙත ලිපියකින් දන්වා සිට ඇත.

ඊයේ සවස පවති  තමිල්නාඩු ප්‍රන්ත නායකයින්ගේ රැස්වීමකදී අමාත්‍ය ඩී ජයකුමාර් පවසා ඇත්තේ පොදුජනතාවගේ මතයට ඉඩ දී මෙම වරදකරුවන් නිදහස් කළ යුතු බවයි.

මින් පෙර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු ප්‍රධානී බන්වරිලාල් පුරෝහිත් වෙත දන්වා තිබුණේ සිද්ධියේ එක් වරදකරුවෙක් වන පෙරාරිවාලන් නැමැත්තාගේ අභියාචනය සම්බන්ධව තීරණයක් ගන්නා ලෙසයි.

නමුත් තමිල්නාන්ඩු ප්‍රාන්ත රජය විසින් සියළු වරද කරුවන් නිදහස් කළ යුතු බවට අවධාරණය කර ඇත. නමුත් තමිල්නාඩු ප්‍රාන්ත රජය කුමන බලකිරීමක් සිදු කළද මේ සඳහා මධ්‍යම ආණ්ඩුවේ අවසරය අනිවාර්ය වේ.

රජීව් ගාන්ධි ඝාතනයට ලක්වීමට මොහොතකට පෙර | Livemint

රජීව් ගාන්ධි ඝාතනයට ලක්වීමට මොහොතකට පෙර | Livemint

මින් පෙර 2014 වසරේදී හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම විසින් ද මෙම වරදකරුවන් නිදහ් කර ගැනීමට උත්සහා ගත්තද ඒ සියළු උත්සහයන් ව්‍යාර්ථ විය.

රජීව් ගාන්ධී ඝාතනය 1991 වසරේ මැයි 21 වන දින LTTE සාමාජිකයෙකුගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිදු වූ අතර ඝාතන සිද්ධිය සම්බන්ධව මුරුගන්, සාන්තන්, ඒ.ජී. පෙරරිවාලන්, ජයකුමාර්, රවිචන්ද්‍රන්, රොබබ් පයාස් සහ නාලිනි ශ්‍රීහරන් යන පුද්ගලයින් හත් දෙනා සිරදඬුවම් විදිමින් පසුවන අතර පසුගිය දා ඒ.ජී. පෙරරිවාලන් විසින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 වන වගන්තිය යටතේ සමාව ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ මැදිහත්වීම මත අයදුම්පතක් යොමුකර තිබුණි

මීට පෙර අගෝස්තු මාසයේද ඔවුන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමක් ඉන්දීය මධ්‍යම රජය දිවුරුම් ප්‍රකාශයක් හරහා ඉවත දැමුවේ, එයින් භයානක පූර්වාදර්ශයක් ඇතිවන බව කියමිනි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි