×

යුක්රේනයට ලැබෙන බටහිර ආනුභාවය ගැන අපි ඇහැගහගෙන ඉන්නේ හරිය! – රුසියාව

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රියාබ්කොව් අද (11) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,


යුක්රේනය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බටහිර රටවලින් යුක්රේනයට ලැබෙන අනුග්‍රහය පිළිබඳව තමා ඉතා සැලකිල්ලෙන් පසුවන බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රියාබ්කොව් අද (11) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රුසියාවේ මොස්කව් අගනුවර, එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය සමඟ සෘජු ඝට්ඨනයක් ඇතිකර ගැනීමට අපේක්ෂා නොකරන මුත්, එකී බලවේග විසින් යුක්රේනයට ලබා දෙන දැඩි අනුග්‍රහය පිළිබඳව තම රාජ්‍යය ඉතා සැලකිල්ලෙන් පසුවන බවයි.

එමෙන්ම බටහිර රටවල් විසින් යුක්රේනයට ලබා දෙන මෙම අනුග්‍රහයට රුසියාව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරනු ඇති බව ද රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සපථ කර සිටියේය.

තව ද, පාලනයකින් තොරව මෙසේ එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර සහ අනෙකුත් බටහිර රටවල අගනුවරවල් විසින් යුක්රේනය වෙත ලබා දෙන සහයෝගයේ අනිසි ප්‍රතිවිපාක පිලිබඳව එකී රාජ්‍යවලට අවබෝධයක් ඇති බව තම රාජ්‍යය විශ්වාස කරන බව ද හෙතෙම වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.

ඡායාරූප: අන්තර්ජාලය

සබැඳි ලිපි :




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි