×

ඩ්‍රෝන ප්‍රහාර මර්දන ආයුධ අලෙවිය පිළිබඳ මැදපෙරදිග සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියාව සූදානම්

රුසියාව මැදපෙරදිග පාර්ශවකරුවන් සමඟ ඩ්‍රෝන ප්‍රහාර මර්දන ආයුධ විකිණීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවට වාර්තා වේ.


රුසියාව මැදපෙරදිග පාර්ශවකරුවන් සමඟ “ඇන්ටි-ඩ්‍රෝන ආයුධ”, නැතහොත් ඩ්‍රෝන ප්‍රහාර මර්දන ආයුධ විකිණීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවට වාර්තා වේ. 

මෙම වසරේ නොවැම්බර් මස අගභාගයේ ඩුබායි එයර්ෂෝ හි පැවැත්වීමට නියමිත අවිආයුධ අලෙවි කටයුතු වලදී මේ සම්බන්ධ අවිආයුධ අපනයනකරු ඩ්‍රෝන ප්‍රහාර මර්දන ආයුධ අලෙවිය පිළිබඳ සාකච්ඡා කිරීමටද එකඟ වී ඇති බවට අද (17) දින විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. 

ඩ්‍රෝන ප්‍රහාර මර්දන ආයුධ අලෙවිය පිළිබඳ සාකච්ඡාවට තුඩුදීම ආරම්භ වූයේ පසුගිය සෙනසුරාදා දින සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල වූ අවාසනාවන්ත ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ය. එමඟින් ගෝලීය තෙල් සැපයුම් දාමයේ 5% කට ප්‍රභල බලපෑමක් ඇති කරීමට සමත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි