×

ඉන්දියාව ටෙනිස් පිතිවලින් මොනවද කරන්නෙ…! – තෙන්දුල්කාර් සහ රොජර් ෆෙඩරර් අතර සංවාදයක්

මේ දෙදෙනා මෙතරම් කුළුපගව කතා කළේ මොනවාද?


එදා මෙදාතුර බිහිවූ දක්ෂතම පිතිකරුවෙක් වන ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර් (Sachin Tendulkar), ටෙනිස් ක්‍රීඩාවේ එපමණටම විශිෂ්ටයෙක් වන රොජර් ෆෙඩරර් (Roger Federer) ඔහුගේ 8 වැනි විම්බල්ඩන් ටෙනිස් ශූරතාවය වාර්තා කරන අන්දම නරඹන්නට ලන්ඩනයට පැමිණ සිටියා.

එහිදී ඔවුන් දෙදෙනා ඉතාම කුළුපගව කතා බස් කරමින් සිටින ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය අප ලබාගත්තේ Hindustan Times පුවත්පතෙන්. මෙම ඡායාරූප පෙළ ලෝක ප්‍රකට වීමත් සමග එහිදී ඔවුන් දෙදෙනා කතා බස් කරන්නේ මොනවාද යන්න පිළිබඳ ප්‍රබන්ධ ගණනාවක් ගෙතී තිබෙනවා. බොහෝ අය දෙදෙනාගේ අභිනයන්ට දෙබස් ගොතා තිබෙනවා. පහත දැක්වෙන්නේ මේ දිනවල වට්ස්අප් වැනි සමාජ මාධ්‍ය හරහා සීඝ්‍රයෙන් සංසරණය වන එබඳු දෙබසක්.

මෙය හුදෙක් විනෝද රසය සඳහාම පමණක් වන බවත් සලකන්න..!

ෆෙඩරර් : ‘‘ටෙනිස් බෝල සහ ටෙනිස් පිති (රැකට්) සඳහා ලෝකයේ ලොකුම මාකට් එක ඉන්දියාව නේද සචින්..?“

සචින් : ‘‘ඔව්. අපි ටෙනිස්වලට ලව්… ඒත් ඉන්දියානුවන්ගෙ ෆස්ට් ලව් එක ක්‍රිකට්!

ෆෙඩරර් : ‘‘ඔබේ රටේ මිනිස්සු ටෙනිස් බෝලවලින් ක්‍රිකට් සෙල්ලම් කරනවද?“

සචින් : ‘‘ඔව්!“

ෆෙඩරර් : ‘‘එතකොට ටෙනිස් රැකට්වලින් මොනවද කරන්නෙ?!“

සචින් : ‘‘අහ්.. අපි ඒවට බැටරි දාල මදුරුවො මරනවා!!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි