×

අයිෆෝන් X පරදන Samsung Galaxy S9 වෙළදපොලට

ලොව පවතින නවතම හා වේගවත්ම චිප්සෙට් එක වන ස්නැප්ඩ්‍රැගන් 845 චිප්සෙට් එක අඩංගු මෙය වේගවත්ම දුරකථනයක් ලෙස හැඳින්වේ.


Samsung Galaxy S9 ජංගම දුරකථනය පසුගියදා MWC 2018 හිදී එළිදක්වනු ලැබීය. 2018 වසරේ මේ වන විට නිකුත් වී ඇති ජංගම දුරකථන අතර වඩාත් ආකර්ශනීයම දුරකතනය වන්නේ Samsung Galaxy S9 වේ.

එසේම බොහෝ දෙනෙක් පවසන්නේ පසුගිය වසරේ වෙළඳපොලට නිකුත් කරනු ලැබූ අයිෆෝන් X දුරකථනයට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් මෙම දුරකථනයේ අන්තර්ගතව ඇති බවයි.

Samsung සමාගම පවසන්නේ මෙහි S9 සහ S9+ ලෙස සංස්කරණ දෙකක් නිකුත් කෙරෙන බවයි. ඒ අනුව Samsung පවුලේ නවතම සාමාජිකයයන වන S9 දුරකථනය ආසන්න වශයෙන් ඩොලර් 1035ක මිලකටත් S9+ දුරකතනය ආසන්න වශයෙන් $1,225 ලෙස මිල තීරණය කර තිබේ.

එසේම මේ වනවිට වෙළඳපොලට නිකුත් කර ඇති S9 දුරකතන මාදිලිය මිලිමීටර් 147.6 x 68.7 x 8.4 විශාලත්වයකින් යුක්ත වේ. එසේම ඉදිරිපස සහ පිටුපස ඇලුමිනියම් ෆ්‍රේම් එකකින් යුක්තය. ඩිස්ප්ලේ එක Super AMOLED capacitive touchscreen වන අතර එය අඟල් 5.8ක විශාලත්වයකින් යුක්ත වේ.

S9 රැම් එක 4Gb ධාරිතාවයකින් යුක්ත වන අතර S9 plus හි 6Gb රැම් එක 6Gb ධාරිතාවයකින් යුක්ත වේ. S9 plus ෆෝන් එකේ ඩුවල් කැමරා අන්තර්ගත වන අතර S9 එක් කැමරාවකින් සමන්විත වේ. S9 දුරකථනයේ තිරය එතරම් විශාල වෙනසකට බඳුන් කර නැතත් S8 දුරකථනයේ කැමරාවට වඩා තියුණු ජායාරූප ගැනීමේ හැකියාවක් S9ට ඇති බව එහි නිෂ්පාදකයන් පවසයි.

” S9 හි කැමරාවෙහි ඇපේචර් එක වෙනස් කළ අතර එවැනි හැකියාවක් ඇති පළමු ජංගම දුරකථනය වන්නේද මෙයයි. ඒ අනුව S9 දුරකථනයේ ඇපේචර් එක 1.5 හි සිට 2.4 දක්වා වෙනස් කළ හැකි වේ. “

මේ වන විට වෙළඳපොලේ පවතින ජංගම දුරකථන අතර S9 ඉහළම තාක්ෂණයකින් සහ අති නවීන උපාංගයන්ගෙන් සමන්විත වේ. ලොව පවතින නවතම හා වේගවත්ම චිප්සෙට් එක වන ස්නැප්ඩ්‍රැගන් 845 චිප්සෙට් එක අඩංගු මෙය වේගවත්ම දුරකථනයක් ලෙස හැඳින්වේ.

S9 හි කැමරාවෙහි ඇපේචර් එක වෙනස් කළ අතර එවැනි හැකියාවක් ඇති පළමු ජංගම දුරකථනය වන්නේද මෙයයි. ඒ අනුව S9 දුරකථනයේ ඇපේචර් එක 1.5 හි සිට 2.4 දක්වා වෙනස් කළ හැකි වේ.

Samsung දුරකථන සමාගමේ ප්‍රධානී DJ Koh පවසන්නේ සිය නවතම සාමාජිකයා පිළිබඳව මෙසේ පවසයි.

” Galaxy S9 සහ S9 + විප්ලවවාදී වෙනසක් සිදු කළා. මෙම සංවේදකය උපයෝගී කරගැනීම සඳහා UCSF සමග සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අප සතුටු වෙනවා. පරිශිලකයන්ට ඉතා වැදගත් හා අර්ථවත් ප්‍රතිචාර ලබාදෙන පර්යේෂණවලට දායකත්වය සපයන්න අපට පුළුවන් වුණා. ඒවගේම අර්ථවත් සහ වටිනාකම් සහිත Samsung උපාංග අතරට මෙතැන් සිට Samsung Galaxy S9 දුරකථනය එක් වෙනවා.”

එසේම බොහෝ දෙනෙක් පවසන්නේ මෙතෙක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අංක 1 සිටි ඇපල් සමාගම පසුකරමින් Samsung දුරකථන සමාගම ඉදිරියට ඇදෙන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි