×

ෆින්ලන්ත අගමැති සන්නා මැරින් දික්කසාද වන ලකුණු

ඇය මේ වන විට ඇයගේ රජය නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති නමුත්, නව රජයක් පිහිටුවීම සහ පත් කිරීම තෙක් භාරකාර පදනම මත දිගටම සේවය කරනු ඇත.


ෆින්ලන්ත අගමැතිනිය වන සන්නා මැරින් සහ ඇගේ සැමියා වන මාර්කස් රයිකොනන් දික්කසාද වීමට ඉල්ලුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම යුවළ 2020 දී විවාහ වූ අතර, මාර්කස් රයිකොනන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු සහ හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වේ. මේ සම්බන්ධයෙන් සන්නා මැරින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබුණේ තමා තවමත් ඔහුගේ හොඳම මිතුරිය වන බවයි.

සන්නා මැරින් 2019 දී බලයට පත්වන විට ලොව ලාබාලතම අගමැතිනිය බවට පත් වූවාය. ඇයගේ ධූර කාලය තුළ ෆින්ලන්තය නේටෝව වෙත ගෙනයාම සහ කොවිඩ්-19 වසංගතය හරහා තම රට සැරිසැරීම ගැන බොහෝ දෙනාගේ ප්‍රශංසාව ඇයට හිමි විය.

ඇගේ පෞද්ගලික ජීවිතයට අදාළ සිරස්තල පසුගිය කාලය පුරාම මතු වූ අතර 2022 අගෝස්තු මාසයේදී ඇය සාදයකදී නර්තනයේ යෙදීම හා ගායනා කිරීමේ වීඩියෝපට සමාජ මාධ්‍ය පුරා දක්නට ලැබීමත් සමඟ ඇයට විවිධ චෝදනාවන් එල්ල වන්නට විය. ඇය පසුගිය මාසයේ පැවති මහ මැතිවරණයෙන් Petteri Orpo විසින් නායකත්වය දෙන ජාතික සභාග පක්ෂයට සහ Riikka Pura ගේ නායකත්වයෙන් යුත් දක්ෂිනාංශික ජනතාවාදී ෆින්ස් පක්ෂය සමඟ තරඟ කළ ඇයගේ මධ්‍ය වාම පක්ෂය දැවැන්ත පරාජයකට ලක් විය.

ඇය මේ වන විට ඇයගේ රජය නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති නමුත්, නව රජයක් පිහිටුවීම සහ පත් කිරීම තෙක් භාරකාර පදනම මත දිගටම සේවය කරනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි