×

ඇය ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරියයි – සනා මැරින්

මැරින් ගේ වයස අවුරුදු 34කි.


ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස 34 හැවිරිදි සනා මැරින් පත්ව තිබේ. ඈ ෆින්ලන්තයේ කාන්තා නායකත්වයෙන් යුත් රජයක පළමු ලාබාලතම අග්‍රාමාත්‍යවරියයි.

ෆින්ලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ඇන්ටි රින් ධුරයෙන් ඉවත්වීමෙන් පසු ප්‍රවාහන අමාත්‍ය ලෙස කටයුතු කළ මැරින් අග්‍රාමාත්‍ය ලෙස තෝරා පත් කර ගෙන තිබෙන්නේ සිය සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය විසිනි. ඇය මෙම සතිය තුළ ධුරයේ දිව්රුම් දීමට නියමිතයි.

ෆින්ලන්තයේ පාලක පක්ෂය ලෙස පක්ෂ පහකින් සමන්විත මධ්‍යස්ත වාමාංශික සන්ධානයට ඈ නායකත්වය ලබා දෙනු ඇත. එම සියළු පක්ෂ කාන්තා නායකත්වය ගැනීම සුවිශේෂීත්වයකි.

මීට අමතරව, නව සීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ගේ වයස 39 කි. යුක්‍රේනයේ අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්ෂාරුක් ගේ වයස 35 කි. ඒ අනුව මැරින් ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස දිව්රුම් දීමට නියමිතය.

දේශපාලන පොර පිටිය තුළ පුරුෂාධිපත්‍යය රජයන දකුණු ආසියාතික රට වලට ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවයට ගරු කරන ෆින්ලන්තය වැනි රටවල් කියා දෙන්නේ අපූරු පාඩමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි