×

සෞදි ආර්ථික සමුළුවේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

දෙවියන්ගේ නාමයෙන් මෙහෙමත් දේ සිදුවෙයි!


සෞදි ආර්ථික සමුළුවේ වෙබ් අඩවියට හැකරු කඩා පනිති.

සෞදි අරාබි බලධාරීන් සංවිධානය කළ “ඩාවොස් ඉන් ද ඩෙසර්ට්” (Davos in the Desert) ආර්ථික සමුළුව වෙනුවෙන් ආරම්හ කර තිබූ “ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් ඉනීෂියෙටිව්” (Future Investment Initiative) වෙබ් අඩවියට නිත්‍යානුකුල නොවන අන්දමේ දත්ත ඇතුළු කර ඇතැයි කියා වාර්තා වේ. ඒ අනුව එම වෙබ් අඩවියේ ආරම්භක ඡායාරූපය ඉවත් කර ඒ වෙනුවට සෞදියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු, මාධ්‍යවේදී ජමාල් ඛෂෝගීගේ හිස ගසා දමන්නට සූදානම් වන දර්ශනයක් සහිත ඡායාරූපයක් ඇතුළත් කර තිබේ. හැකරුන් ඇතුළත් කර ඇති මේ ඡායාරූපය දකින ඕනෑම කෙනෙකුට සිහි වන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජිහාඩ් ජෝන් සිවිල් වැසියන්ගේ හිස් ගසා දමන්නට අනුගමනය කළ ක්‍රියා පටිපාටියයි.

ඡායාරූපයට අනුව මුහම්මද් කුමරු, ජිහාඩ් ජෝන්ගේ පිළිබිඹුවකි. මුහම්මද් කුමරු සිටින්නේ දැවැන්ත අසිපතක් අත දරාගෙනය. ඒ අසිපත ජමාල් ඛෂෝගීගේ ගෙල මත පතිත වන්නට තවත් වැඩි වෙලාවක් ගත වන්නේ නැති බව වැටහේ. ජමාල් ඛෂෝගී සිටින්නේ මුහම්මද් කුමරු ආසන්නයෙන් දණ ගසාගෙනය. ඝාතනය පිණිස ජිහාඩ් ජෝන් හමුවට පමුණුවනු ලැබූ පුද්ගලයන්ට අන්ඳවා තිබුණු විධියේ කබායක් ජමාල් ඛෂෝගීටත් අන්ඳවා තිබේ. මේ ඡයාරූපය අයි.එස්.අයි.එස්. ඝාතනවල කෘරත්වය මැනැවින් විද්‍යමාන වන අන්දමට සකසා ඇත. එකම වෙනස ජිහාඩ් ජෝන්ගේ කාර්යය සහ ස්වරූපය සෞදියේ ඔටුන්න් හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ආරෝපණය කර තිබීමයි.

Screenshots of the hack were captured by journalists and analysts and shared on social media

Screenshots of the hack were captured by journalists and analysts and shared on social media

ඡායාරූපය ඇතුළත් වෙබ් පිටුවෙහි “Saudi regime is one of the sources for #Terrorism_Financing in the world.” යනුවෙන් හැකරුන් සටහනුකුත් යොදා ඇත. එම පිටුවෙහි අග භාගයට සංඛ්‍යාත්මක අගයන් කිහිපයක් එකතු කර තිබේ.17+ 42,000+ 89,000+ යනු එම සංඛ්‍යාත්මක අගයන් කිහිපයයි. “17+” මඟින් සංකේතවත් කරන්නේ සෞදි අරාබියා රජය ත්‍රස්ත කණ්ඩායම් 17කට අධික සංඛ්‍යාවකට උපකාර කරන බවය. සෞදියේ මේ පිළිවෙත නිසා යේමනයේ පුද්ගලයන් 42,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව “42,000+” මඟින් කියාපායි. 89,000+ මඟින් සංකේතවත් කෙරෙන්නේ සෞදිය අනුගමනය කරන ක්‍රියාමාර්ග හේතුවෙන් සිරියාවේ සිවිල් වැසියන් 89,000කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්ව ඇති බවය.

“… ලොව වෙසෙන දරුවන්ගේ නාමයෙන්, සෞදියට සම්බාධක පනවන මෙන් අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු. …” යන සටහන මෙයට අමතරව එම පිටුවෙහි තබා ඇත.

වෙබ් අඩවියට එල්ල වී ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේ බලධාරීන් මේ වන තුරු කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.

“ඩාවොස් ඉන් ද ඩෙසර්ට්” ආර්ථික සමුළුව ඔක්තෝම්බර් 23දා සිට 25වැනිදා දක්වා වූ කාලය තුළ සෞදියේ රියාද් නුවරදී පැවැත්වෙන්නට කටයුතු සංවිධානය කෙරිණ. සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගීගේ ඝාතනයට සෞදි අරාබි බලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බව අනාවරණය වීමත් සමඟම ආර්ථික සමුළුවට සහභාගීවීමට සූදානමින් සිටි නියෝජිතයෝ විශාල සංඛ්‍යාවක් එය වර්ජනය කරන බව ප්‍රකාශයට පත් කළහ.

පෙර ලිපි සියල්ල මෙතැනින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි