×

සෞදි රජයෙන් මක්කම යන ඉස්ලාම් භක්තිකයන්ට සම්බාධක!

covid 19 රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවෙන්, විදෙස් ඉස්ලාම් භක්තිකයන්ට මක්කම සහ මදීනා ශුද්ධ භූමි තහනම් කලාප බවට පත් කිරීමට සෞදි රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු මක්කම වන්දනා කිරීම ලොව පුරා ඉස්ලාම් භක්තිකයන්ට තහනම් වේ.

සෞදි රජය දන්වා තිබෙන්නේ කිසිදු ආගමික චාරිකාවක් සඳහා තම රටට ඇතුළුවීම තහනම් බවයි. වෛරස් අවදානම හේතුවෙන් මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රටවල කිසිදු පුද්ගලයෙකුට සෞදි අරාබියට ඇතුළු වීම තහනම් වේ.

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ භූමිය ලෙස හැඳින්වෙන මක්කම වන්දනාව සඳහා දහස් ගණන් බැතිමතුන් දිනපතා සෞදි ආරාබියට පැමිණෙන අතර, සිය ජීවිතයේ එක් වරක් හෝ මක්කම වන්දනා කිරීම ස්වර්ගයට යාම සඳහා ලැබෙන විශේෂ වරමක් ලෙස ඔවුන් සලකයි.

මේ අතර ජූලි මාසය වනවිට හජ් වන්දනා සමය ආරම්භ වීමත් සමග මක්කම වන්දනාවේ නිරත වන පුද්ගලයන් සංඛ්‍යාව දෛනිකව ලක්ෂ ගණනක් වන අතර කොරෝනා වෛරසයේ අවදානම තවදුරටත් පැවතියහොත් එය හජ් වන්දනා සමය සඳහා දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

මේ වනතෙක් සෞදි අරාබියෙන් වෛරසය ආසාදනය වූ කිසිවෙකුත් හමු වී නොමැති අතර වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එරට රජය දැඩි පියවර ගනිමින් සිටී.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි