×

ත්‍රස්ත ක්‍රියා වලට සැක කරන සෞදි භටයින් ඇමරිකාවේ හමුදා සේවයෙන් ඉවතට!

ඇමරිකානු හමුදාවේ සෞදි ජාතික හමුදා පුහුණුවීම් ලබන තරුණයින් 850 පමණ සිටින බවට වාර්තා වේ.


ඇමරිකාවේ හමුදා සේවයට අනුයුක්ත කර සිටින සෞදි ජාතික නිලධාරීන් දොලොස් දෙනෙකු පමණ සේවයෙන් නෙරපා හැර ඇති බවට වාර්තා වේ.

ඒ, ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මීට මසකට ඉහත හටගත් වෙඩි තැබීමේ සිදුවීම පාදක කොට ගෙන ය.

මෙම වෙඩි තැබීම සිදුවූයේ පෙන්සකෝලා හි නාවික ගුවන් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගෙනය.

එම වෙඩි තැබීම සිදුකළ 21 හැවිරදි සෞදි ජාතික තරුණයා ගුවන් හමුදා ලුතිනන්වරයකු බවට වාර්තා වී තිබිණි.

මොහු සෞදි රජයේ අනුග්‍රහය මත ක්‍රියා කළ පුද්ගලයකු නොවන බවද අනාවරණය කර ගෙන තිබිණි.

මෙම වෙඩි තැබීමෙන් නාවික භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඇමරිකානු රජය විශ්වාස කරන්නේ ඔහු යම් ත්‍රස්ත කල්ලියකට සම්බන්ධ පුද්ගලයකු විය හැකි බවටයි.

ඒ අනුව, ඇමරිකානු හමුදාවට අනුයුක්ත කර තිබූ තවත් සෞදි ජාතික නිලධාරීන් දොලොස් දෙනෙකු පමණ සේවයෙන් නෙරපා දැමීමට කටයුතු කොට තිබේ.

මෙම පුද්ගලයින් ද අන්තවාදී ක්‍රියා වලට සබඳතාවක් පවත්වනු ඇති බවට සැක පහළ කෙරේ.

මීට අමතරව, ඉහත සේවයෙන් පහ කළ තරුණයින් දරුවන් යොදා ගනිමින් නිර්මාණය කරන නිල් චිත්‍රපට හුවමාරු කරන්නන් බවට ද චෝදනා ලැබ ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම තොරතුර පිළිබඳ එෆ්බීඅයි සංවිධානය හා අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී.

පෙන්සකෝලා හි සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඇමරිකානු හමුදා සේවයේ අනුයුක්ත කර තිබූ සෞදි ජාතික නිලධාරීන් විමර්ශනයට බඳුන් කිරීමට ඇමරිකානු රජය කටයුතු කර තිබිණි.

ත්‍රස්ත චෝදනා මත රඳවා තබා ගෙන ඇති මෙම පුද්ගලයින් සම්බන්ධව විමර්ශන කටයුතු දියත් කිරීමට සෞදි අරාබි රජයේ සහාය ද ලැබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ෆ්ලොරිඩා වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් නිසැකවම තහවුරු කර ගැනීමට සමත්ව නොමැත.

ඇමරිකානු හමුදාවේ සෞදි ජාතික හමුදා පුහුණුවීම් ලබන තරුණයින් 850 පමණ සිටින බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි