×

සාර්ථකම මිනිසුන්ගේ ජීවිතයේ ‘පැය පහේ රහස‘

බිල් ගේට්ස්, ඕප්රා වින්ෆ්‍රි, එලන් මස්ක් වැනි මේ ලෝකයේ සාර්ථකත්වයේ හිණිපෙත්තට නැගි මිනිසුන්ගේ එදිනෙදා දින චරියාවේ රහස් කිහිපයක් තිබෙනවා.


එයින් එකක් වන්නේ ‘පැය පහේ රීතිය‘ එහෙමත් නැතිනම් ‘පැය පහේ රහස‘ යි. ඔවුන් සතියකට පැය පහක් වැය කරන්නේ විශේෂ දේකට. දවසකට ඔවුන් මේ සඳහා වැය කරන්නේ පැය 1 යි. ඒ නිසාම ඒක අමාරු ඉලක්කයකුත් නෙවෙයි.

ඒ තමයි, දවසකට එක පැයක්, ඉතා උවමනාවෙන් තම වෘත්තියට අදාළ දෙයක් ඉගෙන ගැනීම සහ එය ප්‍රැක්ටිස් කිරීම සඳහා කැප වීම (devote to deliberate practice and learning)

මේ ලෝකයේ අත්දුටු සත්‍යයට අනුව තවදුරටත් ‘වෙහෙස වී වැඩ කිරීම‘ පමණක් සාර්ථකත්වය කරා ළඟා වීමට සෑහෙන්නේ නැහැ. සමහරුන් ජීවිත කාලය පුරාම වෙහෙස වී වැඩ කරමින් විශේෂ දියුණුවක් නොලබා සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ වෙනුවට කළ යුතුව තිබෙන්නේ ‘ස්මාට් වර්කින්‘ හෙවත් ‘දක්ෂ ලෙස වැඩෙහි යෙදීම‘ යි. ඒ සඳහා පෙර කී ‘ඉගෙන ගැනීම‘ මහෝපකාරී වෙනවා.

ඔබ දන්නවාද, බිල් ගේට්ස් දවසට පැයක් මේ සඳහා වෙන් කර ගැනීම මගින්, අවුරුද්දකට අලුත් පොත් 50 ක් සම්පූර්ණයෙන්ම කියවනවා. ඒ පැය ඇතුළත ඔහු තමන්ගේ වෙනත් ව්‍යාපෘති සියල්ලෙන්ම බැහැර වෙනවා. නමුත් සිතීම හැරුණාම මේ පැය ඇතුළත කරන්න පුළුවන් දේවල් තව තිබෙනවා.

‘දැනුම‘ සඳහා තිබෙන තැන, මේ ලෝකයේ කවදාවත් නැති වෙන්නේ නැහැ. දැනගෙන කතා කරන කෙනෙක් සහ නොදැනගෙන කතා කරන කෙනෙක් අතර කවදත් ලොකු වෙනසක් තිබෙනවා. ෆේස්බුක් සමාජ ජාලය ගැන අපි හැම කෙනෙක්ම දන්නවා. එය මේ 2018 වසරේ විශාල කඩාවැටීම්වලට මුහුණ දුන්නා. නමුත් එය බිහි කළ තරුණයා, මාර්ක් සකර්බර්ග්, දිනපතා සමාගමක් පවත්වාගෙන යන ආකාරය ගැන අලුත් දැනුම ලබාගන්නවා. ඔහු ප්‍රධාන විධායකයා විදිහට අන්තර්ජාලය හරහා දිනපතාම තමන්ගේ ජීවිතයට ගත හැකි දේවල් සෝදිසි කරනවා.

පැය පහේ රීතියේ ජයග්‍රාහකයන් කිහිප දෙනෙක්, මේ කාලය ගත කරන ක්‍රම ප්‍රධාන වශයෙන් 3 ක් තිබෙන බව Inc. article මගින් හෙළි කරනවා. හොඳින් කියවන්න, සමහරවිට ඔබේ ජීවිතයේ මග හැරුණු යම් දෙයක් මේ තුළ තිබෙන්නට පුළුවන්.

කියවන්න.

බිල් ගේට්ස් හැරුණාම මේ ලෝකයේ පොත් කියවන සාර්ථකම මිනිසුන්ගේ ලැයිස්තුව ඉතා දිගුයි. ඕපරා වින්ෆ්‍රි, බරාක් ඔබාමා, මාක් කියුවාන්, නයික් නිර්මාතෘ ෆිල් නයිට්, කෝටිපති ඩේවිඩ් රූබන්ස්ටෙයින්, ඩෑන් ගිල්බට් යනාදී අය ඒ සිටින්නේ ඒ ලැයිස්තුවේ.

සිතන්න.

අපි ගොඩක් වෙලාවට කරන්නෙ තේරුමක් නැතිව හිත හිතා ඉන්න එක. නමුත් සිතීම කියන මේ කාරණය ඊට වඩා වෙනස් අර්ථයක් ගෙන දෙනවා. දවසකට පැයක්, වෙනත් කිසිම දෙයක් නොකර, තමන් කරන දේවල්වලට අදාළව අර්ථාන්විත විදිහට හිතන්න ඔබට පුළුවන්ද? උදාහරණයක් විදිහට, දැනට කරමින් සිටින කටයුතු සාර්ථක කරගැනීම ගැන.., එහෙමත් නැතිනම් රැකියාවේ ඉහළ යාම සඳහා කළ යුතුව තිබෙන, ඔබට අතපසු වූ දේවල් ගැන..? AOL ප්‍රධාන විධායක නිලධාරී ටිම් ආම්ස්ට්‍රෝන්ග් ගැන ගූගල් කර බලන්න. ඔහු මේ පැය පහේ රීතියේ ස්වාමියෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහු තමන්ගේ සමාගමේ කණ්ඩායම සමග සතියට පැය 4 ක් ගත කරන්නේ සමාගමේ දියුණුව ගැන ප්‍රායෝගික සහ කළ යුතු දේවල් ගැන ඔවුන් සමග එක්ව සිතීම මගින්..!

අත්හදා බලන්න.

අත්හදා බලා අසාර්ථක වන තෙක් කිසිම දෙයක් අතහැර දමන්න එපා. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් හෝ තෝමස් එඩිසන් වගේ හිතන්න. ඔවුන් නැවුම් අදහසක්, කළ යුතු පර්යේෂණයක් හිතට ආ විට, ඒ ගැන අත්හදා බැලිය යුතු තරම් දැනුමක් ලබාගත් හැමවිටකම, එය අත්හදා නොබලා නතර වුණේ නැහැ. ලෝකයේ ලොකුම සමාගම් දෙකක් වන Google සහ Microsoft යන සමාගම්, දිවා කාලයේ සිය සේවකයන් සඳහා ඔවුන්ගේ නව අදහස් අත්හදා බලන්නට අනිවාර්යයෙන්ම කාලයක් වෙන් කරනවා.

මේ ලෝකයේ පුද්ගල දියුණුවට තිබෙන ලොකුම බාධාව වන්නේ අසාර්ථක වේ යැයි බිය වීමයි. නමුත් මේ පියවර 3 මගින්, පැය පහේ රීතියේ ස්වාමියෙක් වෙන්න. ඒ සමගම ඔබ ජීවිතයේ බොහෝ අතවැසි කම්වලින් මිදේවි.

ඡායාරූපය – inspired-direction.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි