×

උගන්ඩාවේ වයස අවරුදු 70ක කාන්තාවක් නිවුන් දරුවන් බිහිකරයි

දරු ප්‍රසූතිය සිදු කළ වයස්ගතම කාන්තාවන්ගෙන් කෙනෙකු වන සෆීනා නමුක්වායා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙය මහත් ආශ්චර්යයක් බවයි.


70 හැවිරිදි සෆීනා නමුක්වායා උගන්ඩාවේ කම්පාලා අගනුවර සිසේරියන් සැත්කමකින් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු බිහි කර ඇති බව වාර්තා වේ.

දරු ප්‍රසූතිය සිදු කළ වයස්ගතම කාන්තාවන්ගෙන් කෙනෙකු වන සෆීනා නමුක්වායා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙය මහත් ආශ්චර්යයක් බවත්, තමාට නිවුන් දරුවන් ලැබෙන බව දැනගත් විට ඇයගේ සහකරු ඇයව අත්හැර දැමු බවත්ය.

කම්පාලා අගනුවර කාන්තා රෝහලේ ජාත්‍යන්තර සහ සඵලතා මධ්‍යස්ථානයේ (WHI&FC) සඵලතා විශේෂඥ වෛද්‍ය Edward Tamale Sali මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ළදරුවන් සති 31 දී නොමේරූ ලෙස උපත ලැබූ බවත් ඔවුන් ඉන්කියුබේටර් තුළ තැන්පත් කරන ලදී බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි