BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ලිංගික සහජීවනය ඇති කළ හැකි හොඳම ස්ථානය පාසලයි.

මිනිසා සමාජානුයෝජනය කරන විවිධ ආයතනවලින් එකක් ලෙස පාසල හඳුනාගත හැකි වන අතර, මිනිස් පැවැත්මට බලපෑම් ඇති කළ හැකි මූලික සමාජ සංස්ථාවලින් එකක් ලෙස අධ්‍යාපන සංස්ථාව හඳුනාගැනේ.

එයට මූලිකම හේතුව දරුවෙකුට පවුල් සංස්ථාවෙන් ලැබෙන මූලික සමාජානුයෝජන ක්‍රියාවලියෙන් පසුව, එය ද්විතීයික සමාජානුයෝජනය බවට පත්කරවන මූලික සමාජ යාන්ත්‍රණය පාසල ආශ්‍රය කරගෙන නිර්මාණය වී ඇති නිසාය. විවිධ සංස්කෘතීන්, විවිධ ආගම්, විවිධ සමාජ මට්ටම්, සමාජ පන්ති, දෙමව්පියන්ගේ විවිධ ආකල්ප යනාදිය මගින් ලැබූ සමාජානුයෝජන පෝෂණය රැගෙන පාසලට පැමිණෙන විවිධ දරුවන් නිසා ආකාරයට සමාජානුයෝජනය කිරීමේ වගකීම පැවරෙන්නේ පාසලටය. දරුවා පැමිණෙන පවුල් පසුබිම් හි සම්බන්ධතාවල පවතින විවිධ ගතිකයන් සුමට කරමින්, ගෝලීය අධ්‍යාපන හා නිපුණතා ක්‍රමවේදවලට යටත්ව, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ලබාදීම මෙන්ම විවිධත්වයට ගරු කරන හා විවිධත්වයට ආමන්ත්‍රණය කළ හැකි ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම පාසලෙන් සිදුවිය යුතු වගකීමකි. එහෙත් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තවමත් දරුවන් තුළ පවතින විවිධත්වය පිළිගැනීමට හෝ ගරු කිරීමේ මට්ටම දක්වා පැමිණ නැති බව පෙනී යයි. පාසලට පැමිණෙන ශිෂ්‍යයා විවිධ සමාජ පන්ති නියෝජනය කරනවා විය හැකිය, විවිධ ලිංගික දිශානතීන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන්ගෙන් යුක්ත වනවා විය හැකිය. උස-මහත, ශරීර ප්‍රමාණය, ආබාධිත භාවය, දැනුම් මට්ටම, කතා කරන, ඇවිදින, හැසිරෙන විලාසය යනාදී කරුණු මත පදනම්ව විවිධාකාරයෙන් වෙනස් සැලකීම්වලට භාජනය වන අය විය හැකිය.

මෑත කාලීනව ලෝකය පුරා සිදු කර ඇති විවිධ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත්තේ සමරිසි, ද්විරිසි. සංකාන්ත්‍රි සමාජභාවීය අනන්‍යතාවන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත දරුවන් පාසල තුළ විවිධාකාරයෙන් හිරිහැරවලට හා වෙනස්කොට සැලකීම්වලට භාජනය වන බවයි. මේ නිසාම බෙහෝ දරුවන් පාසල් හැර යාමේ තර්ජනයක් පවතින අතර, පාසල් පැමිණෙන දරුවන් වුවද විවිධ ශාරීරික හා මානසික පීඩාවන් නිසා නිසි ආකාරයෙන් අධ්‍යාපනය සිදුකරන්නේ නොමැති බවත්, ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනය අඩාල වන බවත්ය. මේ වනවිටත් ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වය තේරුම් ගෙන ඇති අතර, විවිධ විසඳුම් සොයමින් සිටී. නැමීබියාව ඔවුන්ගේ පාසල් ශිෂ්‍යයින්ට ජීවන කුසලතා විෂය මාලාවක් හඳුන්වා දී ඇති අතර, එමගින් විවිධ ලිංගික අනන්‍යතා සම්බන්ධ සාකච්ඡාවක් සිදුකරයි. පිලිපීනය ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය මත පදනම්ව සිදුවන වෙනස්කම් තුරන් කිරීම සඳහා විවිධ රීති හා රෙගුලාසි ඇතුළත්ව හිරිහැර කිරීමට එරෙහි පණතක් හඳුන්වා දෙමින් සිටී. ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංක්‍රාන්ති සමාජභාවීය ශිෂ්‍යයින්ට පාසල තුළ ගරුකරන ලෙස දන්වමින් නිර්දේශ මාලාවක් නිකුත් කර ඇත. එමෙන්ම කොලොම්බියාවේ බොගෝටා දිස්ත්‍රීක්කය තුළ පිහිටා ඇති ද්විතීයික පාසල්වල සිදුවන සමරිසි විරෝධී හිරිහැර සම්බන්ධ සමීක්ෂණයක් සිදුවෙමින් පවතී. මෝල්ටාව සංක්‍රාන්ති සමාජභාවීය හා අන්තර් ලිංගික ශිෂ්‍යයින් හිරිහැරයට ලක්වීම වැළැක්වීම වෙනුවෙන් වෙනස්කොට සැලකීමට විරුද්ධත්වය පළකරන ප්‍රතිපත්තියක් සකස් කර ඇත.


පාසල තුළ සිදුවන සමලිංගික භීතිකාව හා සංක්‍රාන්ති භීතිකාව පදනම් කරගත් හිරිහැර කායික, මානසික හා ලිංගික වශයෙන් ද සිදුවිය හැකිය. පාසල් තුළදී සිදුවන වෙනත් ආකාරයේ හිංසන මෙන් මේවා ද සිදුවන්නේ පන්ති කාමරය තුළ, ක්‍රීඩා පිටිය තුළ හා බොහෝ අවස්ථාවලදී වැසිකිළි තුළදීය. එමෙන්ම පාසල ඇරී නිවසට පැමිණෙන අවස්ථාවලදී මෙන්ම වර්තමානයේදී සමජා ජාල හරහා ද අපහාස කිරීම හා වෙනස්කොට සැලකීම සිදුවේ. පර්යේෂකයින්ට අනුව විෂම ලිංගික දරුවන්ට සාපේක්ෂව සමලිංගික දරුවන් පාසල තුළ හිරිහැරයට හා වෙනස් කොට සැලකීමට ලක්වීමේ සම්භාවිතාව 75% කින් පමණ වැඩිය. බොහෝ අවස්ථාවලදී තමන්ට එරෙහිව සිදුවන විවිධාකාරයේ හිංසන පිළිබඳ පැමිණිලි කිරීමට හෝ දෙමව්පියන් සමග පැවසීමට තරම් විවිධ ලිංගික අනන්‍යතා සහිත දරුවන් නිර්භීත නොවන අතර, එසේ පැමිණිලි කළහොත් පහර දෙනු ලබන බවට හෝ මරා දැමෙන බවට තර්ජනය කිරීම නිසා ඔවුහු පැමිණිලි කිරීමට මැළි බවක් දක්වති.

පාසල තුළදී සිදුවිය හැකි විවිධාකාරයේ හිංසනවලට බලපෑ හැකි හේතු ශිෂ්‍යයින්ගේ හැසිරීම් සමග පමණක් සම්බන්ධ වන ඒවා නොවේ. විෂම ලිංගික ශිෂ්‍යයින් සමරිසියන්ට හිංසා කිරීමට බලපාන හේතු පමණක් නොව එවැනි හැසිරීම් ඇතිවීමට පාසල් පරිසරය සකස් වී ඇති ආකාරය ද සලකා බැලිය යුතුය. බොහෝ අවස්ථාවලදී පාසල තුළ සිදුකරනු ලබන බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන ළමයින් කවුරුන්ද යන්න තීරණය වන්නේ ඔවුන්ගේ ලිංගිකත්වය, ලිංගික දිශානතිය පිළිබඳ සිදුකරනු ලබන තක්සේරුව මගිනි. එමෙන්ම විෂය මාලා සකස් කිරීමේදී ද ශිෂ්‍යයින්ට තම ලිංගිකත්වය හා ලිංගික දිශානතියට ගැලපෙන ආකාරයට විෂයයන් තෝරාගැනීමට ඇති අවස්ථාවන් අඩු කර ඇත. එමෙන්ම බොහෝ හෝ පාසල් තුළදී පුරුෂත්වය හා ස්ත්‍රීත්වය තහවුරු වන ආකාරයේ හා ප්‍රවර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදුවන නිසා නිරන්තරයෙන්ම සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ශිෂ්‍යයින් විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී පසුපසට විසිවී යයි. මෙහි ප්‍රතිඵල වන්නේ සමරිසි ශිෂ්‍යයින්ට පාසල අප්‍රිය ජනක ස්ථානයක් බවට පත්වීමයි. මේ නිසා ඔවුන්ට පාසල ආරක්ෂාකාරී ස්ථානයක් නොවන අතර, ඔවුන් පාසල් යාමෙන් වැළකීමට උත්සාහ දැරිය හැකිය, පාසල් ක්‍රියාකාරකම් වලින් බැහැර වීම, ලකුණු ලබා ගැනීම අඩුවීම යනාදිය මෙහි අතුරු ප්‍රතිඵල විය හැකි අතර, මේ නිසාම දෙමව්පියන්ගේ අප්‍රසාදයට ලක්වීම, බලහත්කාරයෙන් අමතර පන්තිවලට හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමුවීමට සිදුවීම හා එහි ප්‍රතිඵල ලෙස භින්න පෞරුෂයක් සහිත දරුවෙකු බවට පත්විය හැකිවීම යනාදිය අධ්‍යාපන වේදීන් මෙන්ම දෙමව්පියන් ද තේරුම් ගත යුතු වේ. දරුවෙකු සකස් කිරීම යනු ලෝකයට අනාගත ආයෝජනයක් වන බැවින්, රැකියා වෙළෙඳපොළට නොගැලපෙන, භින්න පෞරුෂයක් හා සමාජයට වෛර කරන දරුවන් බිහිකිරීම මෙම වෙනස්කොට සැලකීම්වල ප්‍රතිඵල ලෙස සිදුවේ. එක් අතකින් අධ්‍යාපන හා වෘත්තීමය වශයෙන් අසාර්ථක වන ඔවුන් සමාජය පුරා විහිදී ඇති සමරිසි හා සංක්‍රාන්ති භීතිකාව නිසා තව තවත් අවදානම්කාරී පුද්ගලයෙකු බවට පත්වෙයි. සමරිසි පුද්ගලයින් විසින් සියදිවි නසාගැනීමේ අවදානම වැඩිවීමට හේතු සොයන ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මරණවලට හේතුවලට වඩා පුද්ගලයා එම තත්ත්වයට ඇද දමන විවිධ සමාජ සාධක අතුරින් අධ්‍යාපන සංස්ථාවෙන් ඇති කරවන බලපෑම වඩාත් හොඳින් තේරුම් ගත යුතුව ඇත.

පාසල් තුළදී සිදුවන හා සිදුවිය හැකි විවිධාකාරයේ හිංසන මොනවාදැයි නියාමනය කිරීම, ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන විවිධාකාරයේ හිංසන පිළිබඳ අධ්‍යයනය කිරීම, පාසල් ගුරුවරුන්ට ලිංගිකත්වය, ලිංගික දිශානතිය හා විවිධ ලිංගික අනන්‍යතාවන් සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබාදීම, ජාතික වශයෙන් පිළිගත හැකි පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මගින් එකිනෙකාට ගරුකරන ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම, තමන්ගේ සමීපතම මිතුරා සමරිසියෙකු විය හැකි බවත්, ඔහුට හෝ ඇයට සවන්දීම හා ඔවුන් සමග කුළුපඟව කටයුතු කිරීමේ වැදගත් කම ශිෂ්‍යයින්ට කියා දිය හැකි ආකාරයේ වැඩමුළු, තරුණ කඳවුරු යනාදිය පැවැත්වීම මගින් අධ්‍යාපන සංස්ථාව තුළදී සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවීය දරුවන්ට එරෙහිව සිදුවිය හැකි විවිධාකාරයේ හිංසන හා වෙනස්කොට සැලකීම් වැළැක්වීමට උත්සාහ කිරීමට දැන්වත් රටක් වශයෙන් අප පෙළ ගැසිය යුතුය.


”ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් 11%කට ආදායම් නැත. ජනගහනයෙන් 30%ක පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී ඇත.ඔවුන්ට මානුෂීය ආධාර අවශ්‍යයි”- ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය

නපුරට එරෙහිව ජයග්‍රහණය පතා ඉන්දියාව දුසේරා සමරයි

තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

error: Content is protected !!
error: Content is protected !!