×

ඊජිප්තු ජනපතිට සමච්චල් කිරීම නිසා සිරගත කළ සිනමා අධ්‍යක්ෂක ෂැඩී හබාෂ් සිරමැදිරියකදී ජීවිතක්ෂයට

අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර දෙකක් තිස්සේ නඩු විභාගයකට යොමු කිරීමෙන් තොරව සිර මැදිරියක් තුළ රඳවා සිටි ඔහු මිය ගොස් ඇත්තේ කයිරෝ නුවර ටෝරා බන්ධනාගාරය තුළදීය.


 

ඊජිප්තු ජනපති අබ්දෙල් ෆට්ටා එල් සීසී සමච්චලයට ලක් කරමින් මීට වසර දෙකකට පෙර සිරගත කල සිනමා අධ්‍යක්ෂක ෂැඩී හබාෂ් සිර මැදිරියක් තුළ ජීවිතක්ෂයට පත් ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්ථා කරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර දෙකක් තිස්සේ නඩු විභාගයකට යොමු කිරීමෙන් තොරව සිර මැදිරියක් තුළ රඳවා සිටි ඔහු මිය ගොස් ඇත්තේ කයිරෝ නුවර ටෝරා බන්ධනාගාරය තුළදීය. ඔහුගේ නීතිඥ අහමඩ් එල් ක්වාගා පවසන්නේ ෂැඩී මිය යෑමට හේතුව සත්‍ය වශයෙන්ම අපැහැදිලි බවයි.

ජනපති අප්දෙල් ෆට්ටාව සමච්චලයට ලක් කරමින් මියුසික් වීඩීයෝවක් නිපදවීම ඔහුට එරෙහිව පැවති චෝදනාවයි. 24 හැවිරිදි මෙම සිනමා අධ්‍යක්ෂක වරයා 2018 මාර්තු මාසයේදී පොලිස් හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පිටුවහල් කරන ලද ඊජිප්තු සංගීතඥ රමි එසම් විසින් කළ සංගීත වීඩියෝවක් අධ්‍යක්ෂණය කිරීමෙන් පසුවය.

මෙම මියුසික් වීඩියෝව තුළ ජනපතිවරයාව ඉඳි ගෙඩියකට සමාන කරමින් රජයේ දූෂණ පිළිබදව සමච්චල් සහගතව කරුණූ දක්වා ඇත. මෙම වීඩියෝව යූ ටියුබ් තුළ මිලියන පහකට වඩා නරඹා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි