×

කින්ග් ඛාන් ට මරණ තර්ජන !

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් එහෙමත් නැතිනම් කින්ග් ඛාන් ගේ මෑත කාලීන සිනමාංග වන ‘පතාන්’ සහ ‘ජවාන්’ හි සාර්ථකත්වයෙන් පසු ඒවා විදීමට නොහැකි කුහක පිරිසක් ඔහුට මරණ තර්ජන එල්ල කර ඇති බවට ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබේ. එම හේතුවෙන් ඔහුගේ ආරක්ෂක මට්ටම Y+ කාණ්ඩයට උසස් කිරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නියෝග […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් එහෙමත් නැතිනම් කින්ග් ඛාන් ගේ මෑත කාලීන සිනමාංග වන ‘පතාන්’ සහ ‘ජවාන්’ හි සාර්ථකත්වයෙන් පසු ඒවා විදීමට නොහැකි කුහක පිරිසක් ඔහුට මරණ තර්ජන එල්ල කර ඇති බවට ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබේ.

එම හේතුවෙන් ඔහුගේ ආරක්ෂක මට්ටම Y+ කාණ්ඩයට උසස් කිරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නියෝග ලබා දී ඇත.

ප්‍රාන්ත රජයේ නියෝගයට ප්‍රතිචාර වශයෙන්, IG VIP ආරක්ෂාව යටතේ ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව මේ වනවිට වැඩි කර ඇත. ආරක්ෂක සේවාව සඳහා තම පෞද්ගලිකව අරමුදල් සපයනු ලබන අතර, ඒ ආශ්‍රිත වියදම් ආවරණය කිරීම සඳහා ද ඔහු වගකිව යුතුය.

සාර්ථකත්වයට ගරහන මිනිසුන් වෙසෙන ලෝකයක අපි යහපත් සමාජ ක්‍රමයක් බලාපොරොත්තු වන්නේ කෙසේද ?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි