×

ෂෙබාස් ෂරීෆ් පකිස්ථානයේ නව අගමැති ධුරයට

පකිස්ථාන මුස්ලිම් ලීගය නවාස් (PMNL) හා පකිස්ථාන මහජන පක්ෂය (PPP) සමඟ සභාග ගිවිසුමකට එළඹීමේ ප්‍රතිපලයක් වශයෙන් ෂෙබාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අලුතින් පිහිටුවන ලද පකිස්ථාන පාර්ලිමේන්තුව තුළ ඡන්ද 201 ලබමින් ෂෙබාස් ෂරීෆ් නව අගමැතිවරයා වශයෙන් තිරි පත්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික සභා කථානායක අයාස් සාදික් ප්‍රකාශ කර තිබුණේ, නව අගමැතිවරයා වීමට ජන්ද 169ක් අවශ්‍ය ව තිබු බවත් ෂෙබාස් ෂරීෆ් විසින් ජන්ද 201 ලබා ගත් බවත්ය. ඛාන් මහතාගේ PTI සහාය ඇති ස්වාධීන අපේක්ෂකයින් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් නමුත් බහුතරයක් ලබා ගැනීමට අසමත් වූ නමුදු ඛාන්ගේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සහාය ලැබූ ඔහුගේ ප්‍රතිවාදියා වූ ඕමාර් අයුබ්හට ලබාගත හැකිව තිබුණේ ජන්ද 92ක් පමණි.

සිය මංගල කතාවේදී නව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, කිසිදු පාර්ශ්වයකට පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් නොමැති බැවින් සමාන අදහස් ඇති පක්ෂ සභාග රජයක් පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන බවයි.

ජන්ද මංකොල්ලකෑම් පිළිඹඳ චෝදනා මැද පෙබරවාරි 8 වන දින නිමා වූ පකිස්ථාන මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට කිසිවෙකු සමත් නොවීමත් සමඟ ෂෙබාස් ෂරීෆ්ගේ සහෝදරයා වන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන මුස්ලිම් ලීගය නවාස් (PMNL) හා පකිස්ථාන මහජන පක්ෂය (PPP) සමඟ සභාග ගිවිසුමකට එළඹීමේ ප්‍රතිපලයක් වශයෙන් ෂෙබාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

පකිස්ථානයේ ආකර්ශනීයම නායකයා ඉම්රාන් ඛාන් වූ නමුත් රාජ්‍ය රහසිගත ලියවිලි කාන්දු කිරීම, අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියදී රාජ්‍ය ත්‍යාග විකිණීම ආදී චෝදනා කිහිපයකට වරදකරුව මේ වන විට බන්ධනාගාරව සිටියි. ඉම්රාන් ඛාන්ට අපරාධ සහ සිවිල් චෝදනා 150කට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට සිදු වූ නමුත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි