×

මිටි අයට කේන්ති යනවා වැඩිය!

මේ බව හෙළි කර සිටින්නේ අලුත්ම සමීක්ෂණයක් මගිනි.


උස මිනිසුන්ට වඩා උසින් අඩු (මිටි) මිනිසුන් වඩාත් ප්‍රචණ්ඩකාරී මෙන්ම කේන්ති යනසුලු බව ජොරිජියාවේ ඇට්ලන්ටා රෝග පාලක සමීක්ෂණ ආයතනය විසින් හෙළි කර තිබේ. Short Man Complex proves further

පසුගිය කාලය තුළ අවුරුදු 18ත් 50ත් අතර තොරා ගත් පුද්ගලයින් 600 දෙනෙකු වෙත ඉදිරිපත් කරන ප්‍රශ්න වලට ලැබුණ පිළිතුරු අනුව මෙම අනාවරණ සිදු කර ගෙන ඇත.

පර්යේෂණයට අනුව තවදුරටත් පැහැදිලි වී ඇත්තේ පෞරුෂත්වයෙන් අඩු පිරිමින් වඩාත් ප්‍රචණ්ඩකාරී අපරාධයන්ට යොමුවන බවයි.

අධ්‍යයනයට අනුව තමන් ගේ පෞරුෂය අඩු යැයි තමන් විසින්ම සිතාගෙන සිටින පුද්ගලයන් හෙවත් මානසික පීඩනයන්ට ලක්ව ඇති පුරුෂයන් ප්‍රචණ්ඩකාරී ලෙස ආයුධ භාවිත කිරීමේ ප්‍රවණතාව සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.

කෙසේ නමුත් මෙයින් කිසිම අයුරකින්, උසින් අඩු අය පෞරුෂ ඌනතාවයකින් පෙළෙන බවක් අදහස් නොවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

මීට වසර කිහිපයකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයකදී ද හෙළි වුණේ ‘‘ෂෝර්ට් මෑන් සින්ඩ්‍රොම්‘‘ හෙවත් ‘මිටි මිනිසුන්ගේ සහලක්ෂණය“ යන්න සත්‍ය රෝගයක් බවයි.

ඔවුන් වාර්තා කර ඇත්තේ මිනිසෙකුගේ උස අඩු වන්නට ඔහුගේ ප්‍රචණ්ඩකාරීත්වය ක්‍රමයෙන් ඉහළ අගයක් ගන්නා බවයි. එමෙන්ම ඔවුන් තුළ නැපෝලියන් කොම්ෆලෙක්ස් ලෙස හඳුන්වන, නැපෝලියන් අධිරාජ්‍යයා තුළ දැකිය හැකි වී යැයි පවසන පීඩනෝන්මාද ලක්ෂණයක් ද ඉහළ මට්ටමක ඇති බව පැවසේ. නූතන සමාජය විසින් මිනිස් සිරුරේ හැඩය සහ ප්‍රමාණය පිළිබඳ වඩ වඩාත් සිතන්නට පටන් ගැනීමත් සමග තමන්ගේ උස ප්‍රමාණය අනුව පුද්ගලයින් සිය හැසිරීමට බලපාන මනෝභාවයන් සකසා ගන්නා බව මෙම පර්යේෂණ වලින් හෙළි කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි