×

චීනයේ හටගත් භූමිකම්පාවෙන් 12ක් මරුට! 134 කට තුවාල!!

නිරිතදිග චීනයේ හටගත් රික්ටර් මාපකයේ 6ක් ලෙස සටහන් වූ භූමිකම්පාවක් තුළින් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව 134ක් තුවාල වූ බවට අද (18) දින වාර්තා වේ.


නිරිතදිග චීනයේ හටගත් රික්ටර් මාපකයේ 6ක් ලෙස සටහන් වූ භූමිකම්පාවක් තුළින් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව 134ක් තුවාල වූ බවට අද (18) දින වාර්තා වේ.

සඳුදා (17) දින චීනයේ සිචුවන් පළාතේ යිබින් නගරයට ඔබ්බෙන් ඇතිවූ මෙම භූමිකම්පාව නිසා ඉදිකිරීම් හා ගොඩනැගිලි බොහොමයක් පොළවට සමතලා වී ඇති බවට වාර්තා වේ.

4000 කට අධික ජනතාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

භූමිකම්පාව සමඟ මහාමාර්ග බොහොමයක ඉරිතලා යාම් සිදුව ඇත. යිබින් නගරය හා සුයොංග් රට සම්බන්ධ කරන අධිවේගී මාර්ගය මේ වන විට වසා දමා ඇත.

ඇතිවූ ආපදා තත්ත්වය සමඟ පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 134 දෙනෙකු තුවාල ලැබ රෝහල් ගත කළ බවටත් වාර්තා වේ.

එමෙන්ම, ආපදා තත්ත්වය ඇතිවූ කලාපයේ පිහිටි හෝටලයක් ද මෙමඟින් විනාශ වූ බවත්, එමඟින් කිසිදු ජීවිත හානියක් මේ වන තුරු වාර්තා වී නොමැති බවත් කියවේ.

භූමිකම්පාව සිදුවීමට මිනිත්තුවකට පමණ පෙර පළාත් අගනුවර වන චෙන්ග්ඩු හි අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වූ බවත්, යිබින් නගරයට භූමිකම්පාව පැමිණීමට තත්පර 10 කට පෙර සීනුව නාද වූ බවත් වාර්තා වේ.

සිදුවීමත් සමඟ ගිනි නිවන භටයන් 500 කට අධික පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා තිබේ. ආපදාවෙන් අවතැන් වූවන් හට  කූඩාරම් 5,000 ක්, නිදාගැනීමේ ෂීට් 10,000 ක් සහ වෙනත් හදිසි සැපයුම් මේ සමඟ බෙදා දී තිබේ.

රික්ටර් මාපකයේ 6ක් ලෙස සටහන් වූ භූමිකම්පාවට පසු, රික්ටර් මාපකයේ 5.1 ලෙස සටහන් වූ අපරභූමිකම්පා දාමයක්ම මෙම කලාපය හට ගෙන ඇත. වාර්තා වන අන්දමට එම අපරභූමිකම්පා දාමය තුළ භූමිකම්පා 4ක් වත් හට ගෙන ඇත.

මීට පෙර, 2008 වර්ෂයේදී ද චීනයේ සිචුවන් පළාතේ රික්ටර් මාපකයේ 7.9ක් ලෙස සටහන් වූ භූමිකම්පාවක් හට ගත් අතර, පුද්ගලයින් 87,000ක් ජීවිතක්ෂයට හා අතුරුදහන් වීම් වලට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි