×

එංගලන්තයේ ප්ලාස්ටික් කෑලි බෑලි තහනමක්!

ප්ලාස්ටික් හැඳි/ගෑරුප්පු, පිඟන් සහ පොලිස්ටයිරීන් කෝප්ප එක්සත් රාජධානිය තුළ තහනම්


ප්ලාස්ටික් හැඳි/ගෑරුප්පු, පිඟන් සහ පොලිස්ටයිරීන් කෝප්ප එක්සත් රාජධානිය තුළ තහනම් කිරීමට එරට රජය උපදෙස් ලබා දී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි සතිවලදී එම අයිතම රට තුල භාවිතය නවතා ඒවා ජෛව හායනයට ලක්විය හැකි අනෙකුත් විකල්ප ද්‍රව්‍යය සමඟ ප්‍රතිස්ථාපනය කිරීමේ සැලසුමකට සූදානම් බව බ්‍රිතාන්‍යයේ පරිසර ලේකම් තෙරේස් කොෆී පැවසූ බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කරයි.

තනි-භාවිත ප්ලාස්ටික් භාවිතය තහනම් කළ එක්සත් රාජධානියේ පළමු රට ස්කොට්ලන්තය යි. ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පිදුරු, පොලිස්ටයිරීන් ආහාර බහාලුම් සියල්ල ම එම තහනමෙන් ආවරණය වී තිබිණි.

2011 වරෂයේ දී ප්ලාස්ටික් බෑග් සඳහා අය කිරීමක් කළ පළමු රටවල් වලින් එකක් බවට පත්වීමෙන් පසු වේල්සය මෙම වසරේ දී තනි-භාවිත ප්ලාස්ටික් තහනම් කර තිබිණි.

එංගලන්තය 2020 වරෂයේ දී ප්ලාස්ටික් බීම බට, කපු බඩ් ආදිය තහනම් කරන ලදී.

මෙම තනි-භාවිත ප්ලාස්ටික් සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීමක් පැවැත්වීමෙන් පසුව පුළුල් නීති සම්පාදනය සඳහා සැලසුම් කර ඇත.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි