×

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල බව ද එරට  ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊයේ දින වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියා අගමැති රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි ප්‍ර දේශයකදී වෙඩි තැබීම සිදුව තිබෙන අතර, රැස්වීමකට සභාගීවීමෙන් අනතුරුව එහි සිටි පිරිසට ආචාර කරමින් සිටියදී ස්ලෝවැකියා අගමැතිවරයාට වෙිඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල බව ද එරට  ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.

ප්‍රහාරය එල්ල කළ ස්ථානයේ සිටි සියලු දෙනාම මේ වන විට රදවාගෙන සිටින අතර  ඔවුන් අතුරින් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි