×

තමන්ව කන්න ආ පිඹුරාව මරාගෙන කෑ මිනිස්සු

ඉන්දුනීසියානුවෝ පිඹුරෙක් මරා කති!


ඉන්දුනීසියාවේ සිකියුරිටි රස්සාවක් කරන රොබට් නාබබාන්, සුමාත්‍රා දිවයිනේ දුරබැහැර බැන්ටැන්ග් ගැන්සල් නමැති ගමේ මුර සංචාරයක යෙදෙමින් සිටියේය. අඩි 25කටත් වඩා දිග- දාර පිඹුරෙක් ඔහු මතට කඩා වැදුණේ එවිට ය. Snakes on a plate

මේ 37 හැවිරිදි තරුණයා මීට පෙරත් මෙවැනිම නැති වුණත් මීට වඩා බිහිසුණු බවින් අඩු අත්දැකීම්වලට මුහුණ පා ඇත. එසේම ඔහු සර්පයන් ඇල්ලීමේ කලාව ද දන්නා අයෙකි. එනිසා ඔහු බය වුණේ නැත.

ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව කළේ, රෙදි ගෝනියකට පිඹුරාව බස්සවා ගැනීමට උත්සාහ කිරීමයි.

නමුත් වැඩේ වැරදුණේය.

පිඹුරා එල්ලය බලා පහර දුන්නේය. තරුණයාගේ අත හපා කෑවේය. පිඹුරු දත්වලට හසුවීම නිසා ඒ අත දෙකට බෙදී වෙන් නොවුණේ යන්තමිනි.

හොඳ වේලාවට තරුණයා විලාප දෙන හඬ අසා ඔහුගේ උදව්වට තවත් ආරක්ෂක භටයෙක් එතැනට පැමිණියේය. මන්නා පිහියාවලින් සන්නද්ධ වූ ගම්මුන් කිහිප දෙනෙක් ද එතැනට දුවගෙන ආහ.

නාබබාන් රෝහල්ගත කරන විටත්, දාර පිඹුරාගේ ඉරණම විසඳී තිබිණි.

එම ගම්මුන් විසින් පිඹුරාව මරා, කෑලිවලට කපා, බැද, ආහාරයට ගත් බව රෂියා ටුඩේ පුවත්සේවය සනාථ කරයි.

ඉන්දුනීසියාවේ පිඹුරු මස් රසවත් ආහාරයක් සේ සලකන අතර ජකර්තා අගනුවර පවා, පිඹුරු මස් විකුණන වෙළඳසැල් වෙන් වෙන් වශයෙන් දැකගත හැකිය.

වැරදි මිනිහෙකුට කඩා පැනීම නිසා මිනිසුන් විසින් මරා කෑ පිඹුරාගේ කතාව කියැවෙන මේ ඡායාරූප අප ලබාගත්තේ, නාබනාන්ගේ ඥාතියෙකු වන Risdawaty Nababan නමැති කාන්තාවගේ ෆේස්බුක් පිටුවෙනි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි