×

දකුණු අප්‍රිකාවත් කෝවිඩ් ආසාදිතයන්ගේ මිලියනයේ සීමාව පසු කරයි

කොරෝනාවෛරස ආසාදිතයන් මිලියනයේ සීමාව පසු කළ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට දකුණු අප්‍රිකාව පත් විය.


මේ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද නව දත්තවල සදහන් විණ.

බහුතරය කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වීමේ දෙවැනි රැල්ලකින් මේ වන විට පීඩා විදින දකුණු අප්‍රිකාව අප්‍රිකානු මහද්වීපයේ දැඩිව ම මින් පීඩාවට පත් වූ රට බව මේ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව ආසාදිතයන් 1,004,413 වන අතර මරණ 26,734ක් වාර්තා වී ඇත.

පසුගිය සතියේ දකුණු අප්‍රිකාව දිනකට ආසාදිතයන් 11,700ක මධ්‍යන්‍යයක් වාර්තා කළ අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 39%ක ඉහළ යාමකි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ගන්නා අප්‍රිකානු රට වන මොරොක්කෝව ආසාදිතයන් 432,079ක් ද මරණ 7,240ක් ද වාර්තා කර තිබේ. ඉන් පසුව දැඩිව ම කොරෝනාවෛරසයෙන් දැඩිව පීඩා විදින රටවල් වන්නේ පිළිවෙළින් ඊජිප්තුව, ටියුනීසියාව සහ ඉතියෝපියාව යි.

කෙසේ නමුත් අප්‍රිකාව තවමත් පවතින්නේ ලෝකයේ ඇතැම් කලාපවලට වඩා කෝවිඩ් වසංගතයෙන් අඩුවෙන් බැට කෑ කලාපයක් ලෙස ය.

උදාහරණයක් වශයෙන් යුරෝපයේ කෝවිඩ් ආසාදිතයන් මිලියන 25 ක් සිටින අතර, ඇමරිකා එක්සත් ජනපදයේ එම සංඛ්‍යාව මිලියන 19.5 කි. ලතින් ඇමරිකාව සහ කැරිබියන් රටවල ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 15 ක් වන අතර, මැද පෙරදිග ආසාදිත ජනගහණය මිලියන 4 ට ආසන්න වෙමින් තිබේ. මේ අතර, ආසියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැනට මිලියන 13.7 කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි