×

දකුණු කොරියාව එරට විශාලතම සුනඛ ඝාතකාගාරය වසා දමයි.

ආසන්න වශෙයන් දකුණු කොරියාව මාංශ සදහා වසරකට ඝාතනය කරන සුනඛයන් සංඛ්‍යාව මිලියනයකි.


දකුණු කොරියානු රජය එරට විශාලතම සුනඛ ඝාතකා ගාරය වසා දමන්නට තීරණය කර ඇත.

සුනඛ මාංශ ආහරයට ගන්නා ලෝකයේ රටවල් අතරින් දකුණු කොරියාවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. එරට අගනුවර සෝල් හී දකුණු සීමාවේ තප්යෝන්ග් ඩොන්ග් සංකීරණයේ පිහිටා තිබූ මෙම සුනඛ ඝාතකාගාරය මීලග දින දෙක තුළ වසා දැමිම එරට රජයේ අරමුණ වෙයි.

ආසන්න වශෙයන් දකුණු කොරියාව මාංශ සදහා වසරකට ඝතනය කරන සුනඛයන් සංඛ්‍යාව මිලියනයකි.

එවැනි තත්ත්වයක් මත වුවත් එරට රජය මෙම තීරණය ගෙන ඇත්තේ මේ වන විට දකුණු කොරියානු ජාතිකයන් රැසක් සුනඛයින් සිය පවුලේ සුරතලු‍ක් ලෙස ඇති දැඩි කිරීම ආරම්භකිරීමත් සමගිනි. ඒත් සමග සත්ව අයිතිය පිළිබඳ ක්‍රියාකාරීන් රැසක් මෙම සුනඛ ඝාතනය නවතන ලෙස එරට රජයට බල කර ඇත.

මෙය සැබවින්ම ඓතිහාසික අවස්ථාවක්… කොරියානු සත්ව අයිතීන් පිළිබඳ සංගමය වන ”කාරා” ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. රජෙය් මෙම තීරණයත් සමග රෙට් අනෙකුත් සුනඛ මාංශ වෙළදාම සම්බන්ධ ආයතන ඒවා වසා දමන්නට තීරණය කරනු ඇතැයිද එම සංගමය සිය ප්‍රකාශනෙය් දන්වා සිටී.

වසා දමන්නට තීරණය කළ ටයිප්යොන්ග් ඩොන්ග් සංකීරණය එරට සුනඛ මංශ සදහා සුප්‍රසිද්ධම ස්ථානය වෙයි. එ තුළ අඩුම තරමේ සුනඛ ඝාතකාඝාර 6ක් ඇතැයි විශ්වාස කෛර්. මේතුළ එක්වර සතුන් සිය ගණනක් මරා දැමිය හැකි ඝාතකා ඝාරයකි.
ඔවුන් මෙම සතුන් මරා දැමීම සදාහා බොහෝවිට විදුලි ආයුධ භාවිත කර ඇත.

දකුණු කොරියාව සෑම ග්‍රීෂ්ම සෘතුවකම සුනඛ මාංශ මුල් කරගත් ආහාර සැණකෙළි ගනණනාවක් පවත්වයි.
මේ වන වට සුනඛයන් ඝාතනය සම්බන්ධෙයන් නීති නොපැවතුනද ඉදිරියේදී ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බව බලධාරීන් පවසයි.

කෙසේ වෙතත් මේ වන විට දකුණු කොරිානු ජාතකයන්ගේ සුනඛ මංශ පරිභෝජනය සීඝ්‍ර ලෙස පහළ බැස ඇතැයි වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි