×

දකුණු කොරියාව වර්ජනයේ නිරත වෛද්‍යවරුන් 9,000කගේ බලපත්‍ර අත්හිටු වේ

දකුණු කොරියානු නීතිය යටතේ වෛද්‍යවරුන්ට වැඩවර්ජන ක්‍රියාමාර්ග ගැනීම සීමා කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2025 අධ්‍යයන වර්ෂයේ සිට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2,000 කින් වැඩි කිරීමට රජය ගනු ලබූ තීරණයට එරෙහිව වැඩ වර්ජන ආරම්භ කළ කනිෂ්ඨ වෛද්‍යවරුන් 9,000කගේ පමණ බලපත්‍ර අත්හිටුවීමට දකුණු කොරියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනයට සාපේක්ෂව රටේ වෛද්‍යවරුන් අඩුවීම හේතුවෙන් රජය වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට එරෙහිව වැඩ වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එය අවසන් කරන ලෙසට ලබාදී තිබූ අවසාන නිවේදනය නොසලකා හැර තිබීම හේතුවෙන් රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම වර්ජනය හේතුවෙන් සමහර සැත්කම් සහ ප්‍රතිකාර අවලංගු කිරීමට මෙන්ම රෝහල්වල හදිසි ඒකක ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල විය.

පෞද්ගලික වෛද්‍යවරුන් නියෝජනය කරන කොරියානු වෛද්‍ය සංගමය (KMA) විසින් සංවිධානය කරන ලද මෙම වර්ජනයේදී විදිබට වෛද්‍යවරුන් පවසන්නේ රජය වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට පෙර වැටුප් හා සේවා කොන්දේසි පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

දකුණු කොරියානු නීතිය යටතේ වෛද්‍යවරුන්ට වැඩවර්ජන ක්‍රියාමාර්ග ගැනීම සීමා කර ඇති අතර මේ වන විට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ඉහළ නැංවීමේ සැලැස්ම මහජනතාව අතර ජනප්‍රිය වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි