වාර්ෂිකව ඇතිවන ගවතුර නිසා චීනයේ ජනතාව මුහුණ දෙන අර්බුදවලින් ඔවුන් ගළවා ගැනීමට කදිම උපායක් චීන බලාධාරීන් විසින් ක්‍රියාවට නංවා ඇත. ඔවුන් සිදු කර ඇත්තේ තෝරා ගත් නගර ‘ස්පොන්ච්‘ කිරීමයි.
ඒ අනුව අධික වර්ෂාව හේතුවන් ඇතිවන අතිරික්ත ජල පමාණය උරා ගැනීමට හකි වන අයුරින් මෙසේ නගරයේ විශාල ලෙස ස්පොන්ච් සවි කර ඇත.
චීනයේ ලින්ගැන්ග් දිස්ත්‍රික්කය මීට හොඳම උදාහරණයයි. එම නගරයේ මාර්ග අතර පදික වේදිකා සකස් වී ඇත්තේ පේළියට සිටවන ලද වෘක්ෂ පේළි සහ ඒ අතර සවි කළ ස්පොන්ච් වලිනි.
Yanweizhou Park in Jinhua, eastern China. Turenscape
අධික ජනගහණය හා ගොඩනැගිලි හේතුවෙන් චීනයේ නගරෙවල ජල බැස්ම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනයේදී විවිධ ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවේ. 2015 දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා චීනය මේ වන විට ඩොලර් බිලියන 12 ක් නොමසුරුව යොදවා ඇති බව චයිනා ඩේලි පුවත්පත වාර්තා කරයි. ෂැංහයි, වුහාන්, සියාමනේ වැනි ප්‍රධාන නගර 30 ක දැනටමත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
ගංවතුර උරා ගැනීමේ ක්‍රමය මූලික කරගෙන ඇරඹි මෙම සංකල්පයේදී නගරයේ පොළොවේ පමණක් නොව, වහල පියැසි මත ද ස්පොන්ච් සවි කිරීම සිදු වේ. සීඑන්එන් පුවත්සේවය වාර්තා කරන අන්දටම ගතවූ වසර 2 ක කාලය තුළ චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 119 ක් වහල පියැසි මත ගංවතුර උරාගන්නා ක්‍රම ඇති කිරීමට, තෙත්භූමි ඇති කිරීමට සහ වැසි ජලය ස්ථාපිත කරගැනීම යොදවා ඇත. චීනය ෂැංහයි අගනුවර මේ වන විට වර්ග අඩි මිලියන 4.3 ක රූෆ්ටොප් ගාඩ්න්ස් එසේත් නැතිනම් පියැසි උද්‍යාන තැනීමට සැලසුම් කරයි.