×

රට රටවල ජාතික ක්‍රීඩා ගැන

ලොව සියළු රටවල් ‌ අතරින් නීතිගත කරන ලද ජාතික ක්‍රීඩාවක්‌ ඇත්තේ රටවල් 15 ක පමණ අඩු සංඛ්‍යාවකටයි.


පාපන්දු ලෝක කුසලානය අතර රට රටවල පවතින ජාතික ක්‍රීඩාවන් national sports ගැන තිබෙන රසවත් විස්තර  .

ලොව සියළු රටවල් ‌ අතරින් නීතිගත කරන ලද ජාතික ක්‍රීඩාවක්‌ ඇත්තේ රටවල් 15 ක පමණ අඩු සංඛ්‍යාවකටයි.

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ගැනෙන පාපන්දු රටවල් කීපයකම ජාතික ක්‍රීඩායි. ඒ ඉතාලිය, ඊශ්‍රායලය, හයිටිය යන රටවලය.

එමෙන්ම හංගේරියාව පාපන්දු සමඟම වෝටර් පෝලෝ (Water Polo) ක්‍රීඩාවද තම ජාතික ක්‍රීඩා ලෙස පිළිගනු ලබනවා මෙලෙස ක්‍රීඩා 2 ක්‌ ජාතික ක්‍රීඩා ලෙස තබාගත් තවත් රටවල් 2 ක් හඳුනා ගත හැකි අතර ඒ කැනඩාව හා ලැට්වියාවයි.

කැනඩාවේ ගිම්හාන ජාතික ක්‍රීඩාව ලෙස La Crosse ද ශීත සෘතුවේදී ජාතික ක්‍රීඩාව ලෙස Ice Hockey සැළකේ , නමුත් ලැට්වියාවේ ගිම්හානයේ පැසිපන්දු හා ශීත සෘතුවේ Ice Hockey තම ජාතික ක්‍රීඩාව ලෙස සලකනු ලබයි.


රග්බි ක්‍රීඩාව නවසීලන්තයේ, වේල්සයේ හා පැපුවා නිව්ගිනියාවේ ජාතික ක්‍රීඩාවයි. ඇමරිකාවේ මෙන්ම වෙනිසියුලාව හා කියුබාවේද ජාතික ක්‍රීඩාව බේස්‌බෝල් ක්‍රීඩාව වෙයි. දකුණු ආසියානු රටවල් දෙකක් වන ඉන්දියාව හා පකිස්‌තානයේ ජාතික ක්‍රීඩාව වන්නේ හොකී ක්‍රීඩාවයි.

ශ්‍රී ලංකාව තම ජාතික ක්‍රීඩාව ලෙස 1991 දී අත්පන්දු හෙවත් වොලිබෝල් ක්‍රීඩාව නීතිගත කළේය අත්පන්දු (Volley ball) ජාතික ක්‍රීඩාව ලෙස පිළිගෙන ඇති ලොව එකම රාජ්‍යය ශ්‍රී ලංකාව වීම ඉතා වැදගත් වේ.

දකුණු ආසියාතාක රටක් වන බංගලිදේශයේ කබඩි ජාතික ක්‍රීඩාවයි

ක්‍රිකට්‌ ක්‍රීඩාව තම ජාතික ක්‍රීඩාව ලෙස සලකනු ලබන රටවල් කිහිපයකි. ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන් එංගලන්තය, ක්‍රිකට්‌ ජාතික ක්‍රීඩාව ලෙස සලකන අතර, කිහිප විටක්ම දස්කම් පෙන්වා ඇති බටහිර ඉන්දිය කොදෙව්වන් අයත්වන කැරිබියන් දූපත් රාජ්‍යය ගණනාවකම ජාතික ක්‍රීඩාව ක්‍රිකට්‌ වේ. ඇන්ටිගුවා සහ බාබියුඩා දේශය, බාර්බඩෝසය, බර්මියුඩාව, ජැමෙයිකාව, ග්රෙනාඩාව සහ ටර්ක්‌ස්‌ හා කයිකෝස්‌ යන දූපත් ඇතුළත් වේ.


චීනය සිය ජාතික ක්‍රිඩාව ලෙස සළකන්නේ මේස පන්දුය එමෙන්ම චීනයේ මේස පන්දු ශූරයින් ඉතා ප්‍රසිද්ධ වේ.

අප කවුරුත් දකින ටිකක් වෙනස් ක්‍රීඩාවක් වන සුමෝ ජපානයේ ජාතික ක්‍රීඩාවයි.

එමෙන්ම අයිස්‌ලන්තය හෑන්ඩ් බෝල්, දකුණු කොරියාව ටයික්‌වොන්ඩෝ, නොර්වේ රාජ්‍යය හිම මත ලිස්‌සායැම, ස්‌කොට්‌ලන්තය ගොල්ෆ් යන ක්‍රීඩාවන් තම ජාතික ක්‍රීඩා ලෙස තෝරාගෙන සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි