×

ලෝක ශූර ජර්මනිය තරගයෙන් විසි වෙයි.

දකුණු කොරියාව සමග තරගයෙන් ගෝල 2-0 ක් වශයෙන් පරාජයට පත් වෙයි.


පසුගිය ෆිෆා පාපන්දු තරගාවලියේ ලෝක ශූරයන් බවට පත් වූ ජර්මනිය රුසියාවේ කසාන් නගරයේ ඊයේ (27) පැවති ලෝක කුසලාන තගරයේදී දකුණු කොරියාවට පරාජය විය.

මෙම තීරණාත්මක තරගයේදී ජර්මානු පිල මෙයට පෙර පැවති තරගයෙන් ද එක් තරගයක් පරාජයට පත් ව සිටි හෙයින්, තරගාවලියේ ඉදිරියට යාම සඳහා ඔවුන් අනිවාර්යයෙන්ම දකුණු කොරියාව පරදා ජයග්‍රහණය වාර්තා කළයුතුව තිබිණි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ රැඳී සිටින ජර්මනිය, ලෝක ශ්‍රේණිගතකිරීම්වල අංක 57 ස්ථානයේ රැඳී සිටින දකුණු කොරියාව විසින් මේ අන්දමින් පරාජය කිරීම ඇතැම් ක්‍රීඩා විචාරකයන් විසින් හඳුන්වා දුන්නේ ‘වර්ල්ඩ් කප් මිරකල්‘ හෙවත් ‘ලෝක කුසලාන ප්‍රාතිහාර්යයක්‘ යනුවෙනි.

2014 වසරේදී පහසුවෙන් ලෝක ශූරයන් බවට පත්වූ ජර්මනිය ඊයේ මෙසේ පරාජය වීම, එම කණ්ඩායමට දරාගත නොහැකි පරාජයක් බව පෙනෙන්නට තිබිණි. තෝමස් මුලර්, මැනුවල් නීයර්, මාකෝ රීයුස් වැනි සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ගෙන් සන්නද්ධව සිටි ජර්මානු පිල නිරුත්තර කරමින් තරගයේ මුල් විනාඩි 90 දක්වා පැවති දැඩි උණුසුම්කාරී සහ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට එක් කණ්ඩායමක් හෝ අපොහොසත් වී නිමා කරමින් දකුණු කොරියාව සිය ජයග්‍රාහී ගෝල දෙකම ලබාගත්තේ අතිරේක මිනිත්තු 6 ක කාලය තුළ වීම ද විශේෂත්වයකි.

ඒ අනුව අතිරේක කාලයේ දෙවැනි විනාඩියේදී දකුණු කොරියාවේ කිම් ග්වොන් පළමු ගෝලය වාර්තා කළ අතර, හය වන විවාඩියේදී සොං මිං දෙවැනි ගෝලය වාර්තා කළේය. ජය පරාජයකින් තොරව අවසන් වීමට නියමිත ව තිබූ පාපන්දු ලෝක කුසලාන තරගයක් අවසානයේ මුළු ආසියාවම බලාපොරොත්තු සහගත කරමින් නිමාවට පත් වූයේ ඒ අන්දමිනි.

පුරා වසර 12ක ජයග්‍රාහී පුහුණු වාර්තාවක් සහිතව සිටි ජර්මානු පිලේ පුහුණුකරු ජෝසිම් ලෝ ද මෙම අනපේක්ෂිත පරාජයත් සමග මහත් අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වෙයි.

තරගයේ කැපී පෙනෙන වීරයා බවට අවසානයේ පත්ව සිටියේ දකුණු කොරියානු පිලේ Son Heung Min (සොන් හෙයුන්ග් මින්) ය. ජයග්‍රහණය වාර්තා කිරීමත් සමග ඔහු සතුටු කඳුළු හෙළන අන්දම ද දැකගන්නට ලැබිණි. පසුගිය සති අන්තයේ පැවති තරගයේදී මෙක්සිකෝවට පරාජය ව සිටි දකුණු කොරියානු පිල අවසානයේ ලෝක ශූරයන් පරාජය කරමින් ඉතිහාසයට එක් වූයේ ඒ අන්දමිනි.

ජර්මනිය අද අත්විඳින පරාජයට සමාන වේදනාවක් මීට පෙර අත්විඳි පාපන්දු ලෝක ශූර කණ්ඩායමක් ජර්මනිය හැරුණු විට ඇත්තේ 3 ක් පමණි. එනම්, ප්‍රංශය 2002 වසරේදී ද, ඉතාලිය 2010 වසරේදී ද ස්පාඤ්ඤය 2016 වසරේදී ද මූලික තරගවලදී ම පරාජයට පත් වූ පාපන්දු ලෝක ශූරයන් බවට පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි