×

70 වෙනියා 10 වෙනියා පැරද වූ පාපන්දු ඉතිහාසයේ අලුත් පිටුව …

2010 වසරේ ලෝක කුසලානයේ හිමිකරුවන් වූ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 10 වන ස්ථානයේ සිටින ස්පාඤ්ඤය 70 වන ස්ථානයේ සිටින රුසියාව විසින් ගෙදර යැවීම


කිසිදු භේදයකින් තොරව මිලියන 144ක ජනතාව ගේ ජය ඝෝෂාවෙන් එක්වරම රුසියානු අහස ගිගුම් දුන්නේ දශක ගනණාවකට පසුවයි.

ඒ මෙවර ලෝක පාපන්දු තරඟාවලියේ අති විශිෂ්ඨ මෙන්ම සිත් අදහාගත නොහැකිම ජයග්‍රහණයක් ඊයේ සිදුවීමත් සමගිනි . 1945 වසරෙන් පසුව රුසියාව ස්පාඤ්ඤයට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය සිත් අදහා ගත නොහැකි විය. පළමු මිනිත්තු 90 දී  දෙපිළටම සමාන ලකුණු ලබා ගැනීමත් ඉන්පසුව ලැබුණ අමතර පැය භාගයක කාලයේදී එකදු පිලක් හෝ ලකුණු ලබා ගැනීමට සමත් නොවීමත් ඉන් පසු දඬුවම් පහර සඳහා ලැබුණ අවස්ථාවෙන් රුසියානුවන් උපරිම ප්‍රයෝජන ලබා ගත් අයුරු සැබවින්ම ජයග්‍රාහීය…

2010 වසරේ ලෝක කුසලානයේ හිමිකරුවන් වූ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානයේ සිටින ස්පාඤ්ඤය ගෙදර යැවීමට ලොක පාපන්දු ශ්‍රේණිගතකිරීම් හී 70 වන ස්ථානයේ සිටින රුසියාවට හැකිවීම ඇස් අදහා ගත නොහැකි දෙයක් වූයේ ප්‍රේක්ෂක ස්පාඤ්ඤ ජාතිකයන්ට පමණක් නොව පාපන්දු ලෝකයේ සියල්ලන්ටමය.

ක්‍රීඩාව සැමවිටම අවිනිශ්චිතයැයි යන කියමන සක් සුදක් සේ ඔප්පු කළ රුසියානුවන්ට අර්ධ පූර්ව අවසන් වටයට පැමිණීම යනු සැබවින්ම සිහිනයක්ම පමණක් නොව අභියෝගයක්ද විය මන්ද මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රට රුසියාව වීමත් .. තමන්ගේම ජනතාව ඉදිරියේ තමන්ගේම මවුබිමේ පරාජය රුසියානුවන්ට දරගත නොහැකිවීමත්ය.

පුහුණුකරු ස්ටැනිස්ලෝ චෙකෝෆ්

රුසියානු ජයග්‍රහණය ගැන වාර්ථා කරන ජාත්‍යන්තර මාධය බොහොමයකට අනුව රුසියාවේ සෑම වීදියකම නිවසකම පොදු ස්ථානයකම ජය ඝොෂා තවමත් ඇසෙයි.

”ඕනෑම අයෙක්ට දෙවියෙක් වෙන්නට හැකියි.. ඔහු හෝ ඇය උත්සහා කළොත්…”

රුසියානු පුහුණුකරු ස්ටැනිස්ලෝ චෙකෝෆ් ස්පාඤ්ඤයට එරෙහි තරඟය ට පෙර මාධ්‍ය වෙත එසේ කීවේය. ඒ වන විටත් ඔහුට තිබුණේ ජයග්‍රහණය ගැන අවිනිෂ්චිත හැඟීමකි. මන්ද ස්පාඤ්ඤය යනු පාපන්දු ලෝකය තුළ ඓතිහාසික ජයග්‍රහණයන්ට හිමිකම් කී මෙන්ම රුසියානුවන්ට වඩා පෙරමුණේ සිටි කණ්ඩායමකි. යුරෝපයේ පාපන්දු ප්‍රමුඛයාද ස්පාඤ්ඤයයි.

ස්ටැනිස්ලෝ චෙකෝෆ් තරඟයට පෙරදා නිකුත් කළ නිවේදනයේ ගැබුව තිබුණේ . තරඟයේ ජයග්‍රහණය ගැන සියල්ලන්ටම ඇත්තේ රුසියානුවන් පරාජය වේ යැයි හැඟීම බවයි. රුසියාව යනු පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල පහළ සිටින කණ්ඩායමකි.ඒ නිසාම තමන්ට මෙන්ම කණ්ඩායමටත් කරන්නට වන කැපවීම ඉමහත් බව පුහුණු කරු ලෙස ඔහු දැන සිටියේය.

අලුත් වීරයා -ඉගෝර් අකින්ෆිව් Igor Akinfeev

රුසියානු ජයග්‍රහණයත් සමග පුහුණු කරු කලින්දා පැවසූ පරිදි සියල්ලන්ගේම දෙවියා බවට පත්වූයේ රුසියානු පන්දු රකින්නා ඉගෝර් අකින්ෆ් Igor Akinfeevය. කණ්ඩායම් දෙකම සම සමව සිටියදී ය තරඟයේ තීරණාත්මකම අවස්ථාවේ ඔහු නොවන්නට රුසියානුවන්ගේ ජයග්‍රහණය ගැන උදම් අනන්නට ඔවුන්ට නොහැකිය. මන්ද ස්පාඤ්ඤ ක්‍රීඩක ඉයාගෝ ඇස්ෆාස් Iago Aspasගේ තීරණාත්මක පහර රුසියානු පන්දු රකින්නා රැක ගත අයුරු තරඟය දෙස බලා සිටි සියල්ලන්ටම ඔහු කෙතරම් දක්ෂයෙකු වූවාදැයි යන්න මනාව ඔප්පු කළේය. ස්පාඤ්ඤයේ ඉයාගෝ ගේ පහර රුසියාවේ ඉගෝර් විසින් රැක ගැනීම රුසියාව් ජයග්‍රහණය තහවුරු කළේය. සැබවින්ම ඊයේ තරඟය ඉතා දිගු තරඟයක් විය.

ඉගෝර් අකින්ෆිව් රුසියානු පාපන්දු ඉතිහාසයේ සදාතනික වීරයා වූ බැලක් පැන්තර් හෙවත් ලෙවු යාෂින් Lev Yashin ව නැවතත් රුසියානුවන්ට සිහිපත් කළේය

එය එක්තරා විදියකට සුරංගනා කථාවක්, සිහිනයක් සිය ජයග්‍රහණය ගැන ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් ගොල්වින් Aleksandr Golovin පැවසුවේ එලෙසයි.

පුටින්ගේ ඇමතුම..

තම කණ්ඩායමට සුභ පැතූ රුසියානු ජනපති වලැඩිමියර් පුටින් පුහුනුකරු චෙකෝෆ් ඇමතීම , තරඟයේ ජයග්‍රහණයට තවත් ආශිර්වාදයක් වූ බව රුසියානුවන්ගේ අදහසයි. තමන්ට මෙම තරඟය නැරඹීමට නොහැකි වීම ගැන පුටින් චෙකෝෆ්ට සිය කණගාටුවද පළ කළේය.

දෛවයේ සරදමට වීරයන් වූ  ස්පාඤ්ඤය ගෙදර යැවූ  රුසියාව සිය රටේදීම පැවැත්වෙන තරඟාවලියේ අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් තබා ඇත‍. සැබවින්ම ඔවුන් මෙවර තරඟාවලියට පැමිණේන විට තිබූ එකම එකම සිහිනයද එයයි.. දැන් ඔවුන්ගේ සිහිනය තවත් දුර ගොස් ඇත. තම රටේ දීම අවසන් තරඟාවලියේ පාර්ෂවයක් වීම දැන් ඔවුන්ගේ සිහිනයයි. ලෝක ශේ්‍රණිගත කිරීම් වන 70 වන ස්ථානයේ සිටි ඔවුන් දැන් පැමිණ ඇත්තේ තරඟාවලියේ අවසන් තරඟකරුවන් 8 දෙනා අතරටයි. ඒ අනුව ඇත්තෙන්ම ඔවුන්ගේ සිහිනවල තවත් සැබෑ වෙන්නට දෙයක් තාබෙනවාදැයි යන්නත් සැකයකි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි