×

2026 පාපන්දු සත්කාරකත්වය රටවල් තුනකට

උතුරු ඇමරිකාණු කණ්ඩායමට ඡන්ද 134ක්


2026 ලෝක පාපන්දු ශූරතාව සඳහා සත්කාරකත්වය ලබා ගැනීමට සටන් කළ කණ්ඩායම් අතරින් එහි අයිතිය ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකොව යන රටවල් වලින් සැදුම් ලත් උතුරු ඇමරිකානු කණ්ඩායමට හිමි විය‍

මේ සඳහා ඔවුන්ගේ කණ්ඩායම සමඟ තරඟ වැදුණේ මොරොක්කෝවයි. උතුරු ඇමරිකානු ඒකාබද්ධ කණ්ඩායම වෙත සංග්‍රාහක අයිතිය ලබා දීමට පිෆා සාමාජික රටවල් විසින් පක්ෂව ඡන්ද 134ක්ලබා දී තිබූ අතර අතර මෙරෝක්කෝව ලබා ගත්තේ ජන්ද 65කි.

මින් පෙර මෙක්සිකෝව දෙවතාවක් එනම් 1970 සහ 1986 වසරවලදීත් ඇමරිකා එක්සත් ජනපදය 1994 වසරේදීත් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සංග්‍රහකතව අයිතිය ලබා ගත්හ.
කැනඩාව 2015 වසරේදී ලෝක කාන්තා පාපන්දු තරඟාවලියේ අනුග්‍රහක රට විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි