×

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය (FIFA) අද සිට

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය රුසියාවේදී අද ආරම්භ වේ.


මෙය ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන 21 වැනි වතාවයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8.30 ට පමණ තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වෙනු ඇත.

A කාණ්ඩයේ තරග යටතේ අද දින පළමු තරගය පැවැත්වෙනු ඇත්තේ රුසියාව හා සෞදි අරාබිය අතර ය. අද පටන් පුරා දින 32 ක්, තරග 64 ක් මගින් ෆිෆා පාපන්දු ලෝක කුසලානයේ ඉතිහාසය වර්ණවත් වනු ඇත.

සුපිරි ගණයේ පාපන්දු ක්‍රීඩාංගන 8ක් මේ තරගාවලිය වෙනුවෙන්ම රුසියාව විසින් ඉදිකර ඇත. රුසියාවේ ප්‍රධාන නගර 11 ක් මේ සඳහා දැනටමත් සූදානම් ව සිටින්නේ උත්සව ශ්‍රීයෙන් සන්නද්ධ වෙමිනි.

ලොව පුරා ලක්ෂ 15 ක් හෙවත් මිලියන 1.5 ක පාපන්දු රසිකයන් පිරිසක් පාපන්දු ලෝක කුසලානය නැරඹීම සඳහා රුසියාව වෙත ඇදී එනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලොව පුරා එය නරඹනු ඇතැයි අපේක්ෂා කරන රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය බිලියන 3කට අධික ය.

පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගනයේ ජූලි 15 වැනිදා ට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි